අන්තිමේදී කෝප්පයත් Smart වෙයි!
Yves Behar සහ Mark One ආයතන එක්ව ස්මාට් කෝප්පයක් නිර්මාණය කොට තිබේ. එම කෝප්පය ඔවුන් නම්කොට ඇත්තේ Vessyl නමිනි.
මෙම කෝප්පයේ භාවිතා කරන ලබන දියර වර්ග වල කැලරි ප්රමාණය සහ එම දියරයේ අඩංගු සංඝටක ප්රතිශතයද බලාගැනීමේ හැකියාව පවතී. මෙම කෝප්පයේ භාවිතා කරනු ලබන දියර වර්ග වල විස්තර ලබාගැනීම සිදු කරනු ලබන්නේ එය ස්මාර්ට් ජංගම දුරකතනයකට බ්ලුටූත් හරහා සම්බන්ධ කිරීම මගිනි.
මේ සඳහා විශේෂිත App එකක් හඳුන්වා දී තිබෙන අතර එය ඇපල් , ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිවල භාවිතා කිරීමට හැක. මෙම කෝප්පය බැටරි බලයෙන් ක්රියාත්මක වන අතර වයර් රහිතව ආරෝපණය කිරීමේ හැකියාවද පවතී.
මේ සියල්ලම සමගින් මෙම කෝප්පය මිලකොට ඇත්තේ රුපියල් 13,000 ක් වැනි මුදලකටය.