රාජකාරි පීඩනය දරා ගත නොහැකිවීම නිසා කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානයේදී සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබා ගත් බව කියන පොලිස් සැරයන්වරයකු බරපතළ තත්ත්වයෙන් උදෑසන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මෙලෙස හිසට වෙඩි තබාගෙන දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ කුරුණෑගල මූලස්ථාන පොලිසියෙහි සුළු පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් ජයසුන්දර (31245) නමැති නිලධාරියෙකි.
කුරුණෑගල නගරයේ මුස්ලිම් පල්ලියක් අසල පැය ෙදාළහක රාජකාරියක් නිම කිරීමෙන් අනතුරුව ඊයේ උදෑසන 6.00ට පමණ මේ පොලිස් සැරයන්වරයා ආපසු පොලිස් ස්ථානය වෙත වාර්තා කර තිබේ. එහිදී කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානයේ කාර්යභාර පොලිස් පරීක්ෂකවරියක විසින් පොලිස් සැරයන් ජයසුන්දර මහතා යළි සේවය සඳහා වාර්තා කරන ලෙසට නියෝග කර ඇතැයිද ඒ වන විටත් දැඩි වෙහෙසකට පත්වී සිටි පොලිස් සැරයන්වරයා එම නියෝගයෙන් කෝපයට පත්ව අදාල නිලධාරිනියටද බැන වැදී පිටවී ගොස් ඇතැයිද වාර්තා වෙයි.
පසුව පෙරවරු 8.10ට පමණ පොලිස් ස්ථානයේ තනිකඩ භට නිවෙස්නය වෙත පැමිණි පොලිස් සැරයන්වරයා එහි වැසිකිළියට වැදී රාජකාරි පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන තිබේ.
වෙඩි වැදීමෙන් හිසට බරපතළ තුවාල සිදු වූ පොලිස් සැරයන්වරයා කඩිනමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර හෙතෙම මේ වන විට එහි දැඩි සත්කාර ඒකකයෙහි ප්රතිකාර ලබයි.
රාජකාරියෙන් පීඩනයට පත් පොලිස් සැරයන් හිසට වෙඩිතියාගෙන
2014-07-01T18:10:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|