ඇතැම් බස් සංගම් විසින් බස් ගාස්තු වැඩි විය යුතුයයි කරන ප‍්‍රකාශ තුලින් පුද්ගලික බස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වීමට හේතු වී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ අද දිනට (01) නියමිත මේ වසරේ බස් ගාස්තු වැඩිවීම සිදු නොවන බවයි.
තම සංගමය බස් කර්මාන්තකරුවන්ට සැමදා සිදුවන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින බවත් 2013 වසරේ බස් ගාස්තු ප‍්‍රශ්ණය වෙනුවෙන් ද බස් හිමියන්ට සාධාරණයක් ඉටු කර දීම සඳහා අධිකරණයේ පිහිට පතා ඇතැයි ද ලියාපදිංචියක්වත් නොමැති බස් සමිතියක් ගාස්තු වැඩිවිය යුතු යැයි කීම තම සංගමයේ අධිකරණ ක‍්‍රියා මාර්ගයට දැඩි බාධාවක් බව ද එම නිවේදනයේ සඳහන්ය.