නිවෙසේ තිබූ රුපියල් 200ක මුදලක් සොරකම් කෙළේ යැයි උරණ වූ මවක සිය සත් හැවිරිදි දරුවාගේ අත ළිපෙහි ගිනියම් වූ අඟුරු මත තබා පිලිස්සීමේ අනුවේදනීය පුවතක් රත්තොට කන්දේනුවර ප්රදේශයෙන් වාර්තා වෙයි.
රත්තොට පොලිසිය සැකකාර දෙදරු මව පෙරේදා (29දා) අත්අඩංගුවට ගෙන ඇත. මුදල් සොරකම් නොකළ බව දරුවා පැවැසුවද පසුව සොයා බැලීමේදී එම මුදල ඔහුගේ පාසල් බෑගයේ තිබී හමුවීම නිසා උරණ වූ මව දරුවා කුස්සියට ඇදගෙන ගොස් ගිනියම් වූ අඟුරු මත දරුවාගේ අත ඔබා පුලුස්සා තිබෙන බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
බරපතළ පිලිස්සුම් තුවාල තැබූ දරුවා මාතලේ දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇති රත්තොට පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සැකකාරිය මාතලේ මහෙස්ත්රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.රත්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර බණ්ඩාර මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා දිලානි විජේරත්න මහත්මිය පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
රු.200ක් සොරකම් කළාට මව 7 හැවිරිදි දරුවාගේ අත ළිපට දමා පුච්චලා
2014-07-01T06:54:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|