මතුගම පොලීසියේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් විසින් තනිවම කළ වැටලීමක දී යටදොළ ප්රදේශයේ පෙරන ලද කසිප්පු බෝතල් පනහක් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ.
උප පොලිස් පරීක්ෂිකා රේණුකා හේමමාලි මහත්මියට ලද තොරතුරක් අනුව යටදොළ ප්රදේශයේ සැඟ වී සිටි සැකකරු කසිප්පු බෝතල් පොහොර උරයක දමා කරේ තබා ගෙන යන අතර අල්ලා ගෙන ඇත. එහි දී ඔහු පළා යාමටද උත්සාහයක් දරා තිබේ.
සැකකරු හා කසිප්පු තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.