සැබෑ වටිනාකමට වඩා වටිනාකමට අගය අඩු කොට පෙන්වා මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී වාහන 400ක් පමණ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වාහන රේගුවෙන් නිදහස් වූවා නම් ඒ හරහා රජයට අහිමි වන අදායම රුපියල් බිලියන 1.5 ක් පමණ වෙයි.
රුපියල් මිලියන 30ක් පමණ වටිනා ආසන හතේ ඞීසල් ලෑන්ඞ් කෲෂර් වර්ගයේ වාහනයක අගය මිලියන 3.9ක් ලෙසට මෙහිදී තක්සේරු කර ඇති අතර එසේම එම වාහන ‘භාවිත කළ වාහන’ ලෙස සදහන් කරමින් ඉතා අඩු වටිනාකමකට තක්සේරු කර තිබේ.
මෙම වාහන 400 ම කිලෝමීටර් 100ට වඩා අඩුවෙන් ධාවනය කළ අලූත්ම වාහන බවද හෙළිව ඇති අතර වාහන සියල්ලම ජපානයෙන් ශ්‍රී ලංකාවට නැව්ගත කොට ඇති අතර වාහන තොගය බි්රතාන්යට නිෂ්පාදනය කොට ඇති බවත්, භාවිත කළ වාහන හේතුවෙන් එය නැවත ශ්‍රි ලංකාවට හරවා තිබෙන බවත් ව්‍යාජ ලියකියවිලි වලින් සදහන්ය.