-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 153 දෙනෙකු රැගත් බෝට්ටුවක් ක්‍රිස්මස් දූපතට ඔබ්බෙන් අතරමංව ඇතැයි වාර්තා පළ වී මේ වන විට දින කිහිපයක් ගෙවී ගොස් තිබේ.



ඔස්ට්‍රෙලියානු රජය මේ පිළිබඳ නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ, සිය ස්වෛරි සිමා මෙහෙයුමට අදාළ සමුද්‍රිය කටයුතු පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් නොකිරීම හෝ ඒවා තහවුරු නොකිරීමේ රජයේ පිළිවෙත හුවාදක්වමිනු යි.
කෙසේවෙතත් අනතුරට පත් යාත්‍රාව සහ මගීන් පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පළ වෙමින් තිබේ.
ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා උපුටා දක්වන ක්‍රිස්මස් දූපකේ, ෂයර් කවුන්සිලයේ සභාපති ගෝර්ඩ්න් තෝමස් සඳහන් කළේ, එම දූපත ආසන්නයේදී ඔස්ට්‍රෙලියානු නාවික හමුදාවේ නිරීක්ෂණයට හසු වූ  අදාළ යාත්‍රාවේ සරණාගතයින් එතෙක් සිවිල් පුද්ගලයින් සමග පවත්වා ගෙන ගිය සන්නිවේදනය පසුගිය සෙනෙසුරාදා සිට බිඳ වැටී ඇති බව ය.
අදාළ යාත්‍රාව පිළිබඳව තොරතුරු වාර්තා කළ සිඩ්නි මොර්නිං හෙරල්ඩ් පුවත්පතේ සංක්‍රමණ කටයුතු පිළිබඳ වාර්තාකාරිනී සේරා වයිට් තත්ත්වය පිළිබඳ නිව්ස්ෆස්ට් වෙත පැහැදිලි කළා ය.
ඔස්ට්‍රේලියාව ෆෙයාර් ෆැක්ස් මාධ්‍ය අයාතනයට අනුව මෙම යාත්‍රාවේ සිටි බවට කියන පුද්ගලයින් 4 දෙනෙකුගේ නම් සහ ඔවුන්ගේ උපන් දින නීතීඥවරුන් පිරිසක් විසින් ලබාගෙන ඇති බව වාර්තා වේ.
සිඩින් මොර්නිං හෙරල්ඩ් පුවත්පට අදහස් දක්වමින් ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් පිළිබඳ නීතීඥයෙකු වන ඩේවිඩ් මෑන් පවසන්නේ අග්‍රාමාත්‍ය අබර්ට්ගේ රජය අරක්ෂාව පතා පැමිණෙන පුද්ගලයින්ට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් තම අන්තර්ජාතික වගකීම ඉටුකරන්නේ ද යන්න දැන ගැනීමට ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට අයිතියක් ඇති බව ය.
ඔස්ට්‍රෙලියාවේ මානව හිමිකම් පිළිබඳ නීතී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඩැනියල් වෙබ් එම පුවත්පතට අදහස් දක්වමින් පවසන්නේ රජයට දැඩි විශ්වාසයක් තිබෙන්නේ නම් තමන්ට ගන්නා ක්‍රියාමාර්ග නිත්‍යානුකූල හා සදාචාරත්මක බවට මෙවැනි ක්‍රියා කලාපයන්ට පැමිණිමට අවශ්‍ය නොවන බව ය.
මේ අතර ඔස්ට්‍රෙලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වමින් පැවැසුවේ, මතුව ඇති තත්ත්වය පිළිබඳ තමාගෙන් විමසීමක් සිදු කර නොමැති බව ය.
ඔස්ට්‍රෙලියානු සංක්‍රමණ නීතියට අනුව මෙවැනි  තත්ත්වයකදී  එරට රජයට අදාළ රටක  මහ කෙමසාරිස්වරයා හෝ තනාපතිවරයාගෙන් විමසීමේ අවශ්‍යතාවක් මතු නොවේ.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලීය නිලධාරියෙකු තහවුරු කළේ, මීට ඉහතදී ද මෙවැනි අවස්ථා උදාවී ඇති බව ය.
සංක්‍රමණිකයින් පිළිබඳව  ක්‍රියා කරන ඔස්ට්‍රෙලියානු ආයතනයක් වන රෙෆියුජි ඇක්ෂන් කෝලිෂන් හී සම්බන්ධිකරණ නිලධාරී ඉයන් රින්ග්ටවුන් පසුගිය සෙනසුරාදා එරට මාධ්‍ය වෙත ප්‍රකා‍ශ කළේ, ඉන්දියාවේ පොන්ඩිචේරි ප්‍රදේශයෙන් පිටත් වූ අදාළ යාත්‍රාව සමග පැවැති සබඳතා එදින උදෑසන සිට බිඳ වැටී ඇති බව ය.
ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ යාත්‍රාවෙන් ලද අවසන් වාර්තාවෙන් කියවී තිබුණේ,  ක්‍රිස්මස් දූපතේ සිට නාවික සැතපුම් 175 ක් හෝ කිලෝමීටර් 300 යක් පමණ එපිටින් යාත්‍රාකරමින් තිබූ එහි ඉන්ධන ඉතා පහළ මට්ටමක ඇති බව ය.
ඉන් පැය 24 කට පසුව මේ පිළිබඳ වාර්තාවක් ගෙන සිඩ්නි මොර්නි හෙරල්ඩ් පුවත්පත සඳහන් කළේ,  යාත්‍රාවේ සිටි දෙමළ සරණාගතයින් 153 දෙනා ශ්‍රී ලාංකිකයින් වන අතර දකුණු  ඉන්දියාවේ පොංඩිචේරි ප්‍රදේශයෙන් ධීවර යාත්‍රාවක නැගී ජුනි 13 වන දා පිටත්ව ඇති බව ය.
අදාළ වාර්තාව පළ වූ දින ම ඔස්ට්‍රිලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන්ගේ කාර්යාලය එවන් යාත්‍රාවක් පිළිබඳ තහවුරු කිරීම ප්‍රතික්ෂේප කළේ ය.
ඉන් පැය 48 කට පසුව ද ගාර්ඩියන් පුවත්පතේ පළ වූ වාර්තාවක දැක්වුණේ, අදාළ සරණාගතයින් රැගත් බෝට්ටුව ස්ථානගත වී යැයි සැලකෙන ක්‍රිස්මස් දූපතට ඔබ්බෙන් වූ ප්‍රදේශය ආසන්නයේ ඔස්ට්‍රිලියානු රේගුවට අයත් ඕෂන් ප්‍රොටෙක්ටර් නම් වූ යාත්‍රාව අවසන්වරට දුටු බව ය.
මේ අතර ඔස්ට්‍රේලියානු ජාතික ගුවන් විදුලිය වූ ඒ.බි.සී රේජියෝව අගමැති ටොර්න් ඇබර්ට්ගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී එවැනි යාත්‍රාවක් පිළිබඳව අදහස් පළ කිරීමෙන් ඔහු වැලකී සිටියේ ය.
එහෙත් ඔහු පෙන්වා දුන්නේ සිය රටට පැමිණෙන බෝට්ටු ඉන් වැළැක්වීමට රජය පියවර ගන්නා බව ය.
එදින ම  පළ වූ අතැම් වාර්තාවලින් කියවුනේ අදාළ සරණාගතයින් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව වෙත භාර දී ඇති බව ය.
කෙසේ වෙතත් මේ පිළිබඳව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතාගෙන් නිව්ස්ෆස්ට්  විමසීමක් සිදු කළ අතර  එහිදී ඔහු ප්‍රකාශ කළේ එවැනි සරණාගතයින් භාර දීමක් සිදු නොවූ බව ය.
සරණාගතයින්ගේ ඉරණම කුමක් ද?
යාත්‍රාව  කොහෙ ද?
ඕස්ට්‍රේලියානු රජය මුණිවත රකින්නේ ඇයි ?
මෙම සාගර ප්‍රදේශයේ ම මාර්තු මස 8 වන දා අතුරුදන්වූවා යැයි අනුමාන කෙරෙන මැලේසියානු MH 370 ගුවන් යානයට අත් වූ  ඉරණම  තව ම ත් අභිරසක් බව සඳහන් කළ යුතු ය.

(Sirasa News1st)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos