-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඊශ‍්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළට ආසන්න ප‍්‍රදේශයකට රොකට් ප‍්‍රහාරයක් එල්ලවීම සමග ඊශ‍්‍රායලය වෙත සිදුකෙරෙන ගුවන් ගමන් අත්හිටුවීමට ගුවන් සේවා ගණනාවක් විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ගුවන්තොටුපළේ සිට කිලෝමීටර් 5ක් ඈතින් පිහිටා ඇති යෙහුඞ් නගරයට මෙම රොකට්ටුව පතිත වී ඇති අතර ෆෙඩරල් ගුවන්සේවා අධිකාරිය විසින් බෙන් ගුරියන් ගුවන්තොටුපළ කරා සිදුකෙරෙන ගුවන් ගමන් පිළිබඳය පැය 24ක කාලසීමාවක් සඳහා අනතුරු ඇගවීමක් නිකුත් කර ඇතැයි පැවසේ.
යුරෝපීය ගුවන් ආරක්ෂණ ආයතනය විසින් නිවේදනය කර ඇත්තේ යළි දැනුම් දෙන තුරු ටෙල් අවිව් ගුවන්තොටුපළ වෙත පියාසර නොකරන ලෙසයි.
මේ සමග නිව්යෝක් සිය පියාසර කරමින් සිටි ඩෙල්ටා ගුවන්සේවයට අයත් බෝයිං 747 යානයක් හරවා පැරිස් නගරයේ ගොඩබස්වා ඇති අතර එය තුළ මගීන් 273ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 17ක් සිටි බව වාර්තා වේ.
ටෙල් අවිව් වෙත ගමන් කරමින් තිබූ රුසියානු ට‍්‍රාන්ස් එරෝ ගුවන්සේවයට අයත් යානයක්ද යළි හරවා මොස්කව් වෙත ගමන් කර තිබේ.
යූ.එස් එයාර්වේස් සහ යුනයිටඞ් එයාර්වේස් ගුවන් සේවයන්ද ඊශ‍්‍රායලය වෙත ගමන් වාරයන් අවලංගු කර ඇති අතර ලූෆ්තැන්සා, එයාර් ෆ‍්‍රාන්ස් වැනි යුරෝපීය ගුවන් සමාගම්ද මේ හා එක්වී ඇතැයි වාර්තා වේ.
සිවිල් යුධ තත්වයක් හටගෙන ඇති යුක්රේනයට ඉහළින් පියාසර කළ මැලේසියානු ගුවන් යානයක් මිසයිල ප‍්‍රහාරයකින් බිම හෙළීම සමග ගුවන් යානා ආරක්ෂාව පිළිබඳව අවධානය දැඩිවී ඇතැයි පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos