'පබා' ටෙලිනාට්‍යයේ 'පබා' චරිතයට පනපොවමින් මහත් ජනාදරයට පත් වූ උපේක්ෂා ස්වර්ණමාලි මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ද කටයුතු කරයි.
ඇය විසින් රංගනයෙන් දායකවුණ ටෙලිනාට්‍ය තුළින් ඇයට ඇති රංගන හැකියාව අප සියලු දෙනා දැක තිබේ.
කෙසේ නමුත් ඇයට ගායනයට කෙතරම් හැකියාවක් තිබෙනවා ද යන්න ඇතැම් විට මෙතෙක් ඔබ නොදැක ඇති.
සත්සර කසුන් පතිරණගේ පද රචනයෙන් සහ ජයසිරි අමරසේකරගේ සංගීතයෙන් යුතු ගීතයක් ගායනා කිරීමට උපේක්ෂා ස්වර්ණමාලී කටයුතු කර තිබේ.
එම ගීතයට සත්සර කසුන් පතිරණගේ රූපරාමු අධ්‍යක්ෂණයෙන් යුතු වීඩියෝ පටයක් ද මේවන විට නිර්මාණය කර තිබේ.
එම ගීතය පහතින් නරඹන්න