බණ්ඩාරවෙල සිට බළන්ගොඩ හරහා කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක් බළන්ගොඩ පොලිසිය ඉදිරිපිට නතර කෙරුණි. එම ස්ථානයේ මගීන් නංවා ගැනීමට දුර සේවා බස් රථ මඳ වේලාවක් නතර කර තබන නිසා මෙම බසය ගැන කවුරුත් අමුත්තක් සිතුවේ නැත. එහෙත් එම බසයෙන් බැසගත් මගීන් කිහිපදෙනකු බළන්ගොඩ පොලිසියට ගොඩ වූහ. ඔවුන්ගේ පැමිණිල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට යොමු කෙරුණි. එය අමුතු ආකාරයේ පැමිණිල්ලකි.
“අනේ සර්... අපිට අර බස් එකේ කොළඹ යන්න බැහැ. මෙච්චර දුරක් බණ්ඩාරවෙල ඉඳලා එද්දී හරිම බයෙන් ආවේ. අපි කොළඹට ටිකට් ගත්තේ. අපිට මේ බස් රථයේ රියැදුරා හින්දා ගමන යන්න බයයි.”
“හරි හරි... මොකක්ද වෙලා තියෙන්නේ? රියැදුරා නැතුව බස් එක යන්නේ කොහොමද? කාරණේ අපිට තේරෙන්නේ නැහැ.” ස්ථානාධිපතිවරයා ප්‍රශ්න කළේය.
“අනේ මහත්තයෝ... මේ බස් එකට මගදී ලස්සන නෝනා කෙනෙක් ගොඩ වුණා. එයා වාඩිවුණේ රියැදුරාගේ දකුණු පසින් තිබෙන සීට් එකක. මඳ දුරක් එද්දී බස් රථය ධාවනය කරන ගමන් රියැදුරා අර නෝනත් එක්ක මුකුලුව පටන් ගත්තා. ඒක එන්න එන්නම වැඩිවුණා. බස් එක පාරේ ගියාට ඩ්‍රයිවර්ගේ ඇස් දෙක තියෙන්නේ නෝනා ළඟයි. මේකයි අපට තියෙන ප්‍රශ්නේ.”

කාන්තා පොලිස් නිලධාරිනියක් සමග බස් එකට ගොඩ වූ පොලිස් නිලධාරියා මෙම තත්ත්වය සොයා බලා මගීන් කීපදෙනකුගෙන්ද කරුණු විමසා ඉහත කී මගී කාන්තාව පිටුපස සීට් එකක වාඩි කරවීමෙන් පසුව යළි බස් රථය කොළඹ බලා ධාවනය කරන්නට සූදානම් වෙද්දී අදාළ කාන්තාව බස් රථයේ මුහුණ බිමට හරවාගෙන නින්දට වැටුණි. රියැදුරාද ලැජ්ජාවෙන් යුතුව බස් රිය පණ ගන්වා ඉදිරියට ඇදුණේ නොසතුටු සිතින් බව මගීහු තේරුම් ගත්හ.
සේන එන්. හේවගේ - බළන්ගොඩ