කෙළිලොන්කමින් හා දඟකාර සුරතල් දැරියක් මෙන් වසර පහ හයක් ගත කරමින් සිටියදී ඇයට සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදී තිබේ. ඊට ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රදේශ හතරක ස්ථාන හතරකට ඇගේ මව්පියන් විසින් ඇය රැුගෙන යන ලදී. එහිදී වූයේ නොසිතූ විරූ දෙයකි. ප්‍රතිකාර සඳහා ගිය ප්‍රාර්ථනා පැමිණියේ තවත් රෝගාබාධ හතරක් සමගින්ය.
දුවගේ වම් අතේ ඇඟිලි පහම සැත්කමකින් ඉවත් කළත් එයා දැන් ඒ අතින් හොඳ චිත්‍ර, අකුරු අඳිනවා.” චිත්‍ර අකුරු ඇඳලා පන්තියේ පළමුවෙනියා වෙලත් තිබෙනවා. දිඹුලාගල ඇල්ලේවැව අංක 53හි පදිංචි හත් හැවිරිදි ඞී.ආර්. ප්‍රාර්ථනා හංසනී විජේරත්න දියණියගේ මව වන පී.ඞී. අනුලා ගුණසේකර මහත්මිය හැඬූ කඳුළින් එලෙස ප්‍රකාශ කළාය.
පහළ ඇල්ලේවැව කනිෂ්ඨ විද්‍යාලයේ 3 වසරේ මේ වනවිට ඉගෙනුම ලබන ප්‍රාර්ථනා හංසනී දැරියගේ වම් අතෙහි ඇඟිලි පහම ඉවත් කර දකුණු පාදය අප්‍රාණිකව ඇත. කතා කිරීමේ අපහසුතාවක් ද පවතින ප්‍රාර්ථනා අධ්‍යාපන කටයුතුසේම අනෙකුත් බාහිර කටයුතු සඳහාත් ඇත්තේ පුදුමාකාර හැකියාවකි.
දැරියගේ මව හා පියා මෙසේද කීය.
‘අපේ දුව ඉපදුණේ නිරෝගී ළමයෙක් විදියට බව පවුල් සෞඛ්‍ය සේවිකාවත්, වෛද්‍යවරයාත් කිව්වා. එහෙම හොඳින් උපන් දරුවාට හෙම්බිරිස්සාවක් හැදිලා අරලගංවිල අරන් ගියා. බෙහෙත් දීලා සනීප මදි නිසා මනම්පිටියෙනුත් බෙහෙත් අරන් පොලොන්නරුවේ රෝහලේ දවස් පහක් නැවතිලා බෙහෙත් කළා. පස්සේ කීවා නිව්මෝනියාව හැදිලා කියලා. එහෙන් බෙහෙත් විද්දා. ළමයට සිහි නැතුව රිජ්වේ ආර්යා ළමා රෝහලට අරං ගියා. එහෙදි වම් අතේ ඔපරේෂන් දෙකක් කළා. ළමයගේ කට පැත්තකට ගිහින් තිබුණා.
එහෙන් කීවා වම් අතේ ඇඟිලි නරක් වෙලා කපන්න වෙනවා කියලා. අප අකමැති වුනත් ඒක කරන්න වුණා. දැං ළමයාගේ වම් අතේ ඇඟිලි පහම නැහැ.
දැන් අප හැම සෙනසුරාදාවකම සායනවලට පොලොන්නරුව මහ රෝහලට යනවා. අපිට කුඹුරු නැහැ. කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. රෝහලට යන එන වියදම් සතියකට රුපියල් 1000, 1500ක් පමණ යනවා. අපේ තියෙනදේවල් පවා නැතිකර ගෙනයි මේ දරුවන්ට බෙහෙත් කරන්නේ. දුවට වුදේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා සෞඛ්‍ය ඇමැතිතුමාටත්, ජනාධිපතිතුමාටත් ලිව්වා. ඒ අය පරීක්ෂණ කරන්න කියලා නිලධාරීන්ට ලිඛිතව දැනුම්දී තිබුණත් ඒවා අතරමග නතරවෙලා.
අපි ඉල්ලන්නේ මේ දරුවාට ප්‍රතිකාර කර ගන්න උපකාරයක් කරන්න කියල. මේකට සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා’
ඇය නමින් බැංකු ගිණුමක් ඇත. පී.ඞී. අනුලා ගුණසේකර, මහජන බැංකුව, කඳුරුවෙල. (0052 002×50019209) දුරකථන අංකය 0724802747. ගාමිණී විජේවර්ධන අංක 53, පහළ ඇල්ලේවැව, පොලොන්නරුව ඔවුන්ගේ ලිපිනයයි.