හෙරොයින් භාවිතයට ඇබ්බැහිව මෙරට සිටිනපුද්ගලයින් දිනකට හෙරොයින් කිලෝ 02ක් භාවිත කරන බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් කරනු ලැබූ විමර්ශනයකදී හෙළි වී තිබේ. එම හෙරොයින් ප්‍රමාණය දිනකට භාවිතා කරනුයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින 45000 ක් පමණ වන පුද්ගලයින් පිරිසක් බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ලීෂාද සිල්වා මහත්මිය සඳහන් කළාය.
මෙරට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වසරකට හෙරොයින් කිලෝ 763 ක් පමණ භාවිතා කරන බවද ලීෂාද සිල්වා වැඩිදුරටත් පැවසුවාය.
මෙරට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වසරකට හෙරොයින් කිලෝ 763 ක් පමණ භාවිතා කරන බවද ලීෂාද සිල්වා වැඩිදුරටත් පැවසුවාය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගණනය කිරීම්වලට අනුව හෙරොයින් කිලෝවක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් ලක්ෂ 35 කි. ඒ අනුව හෙරොයින් පානයට ඇබ්බැහිවූවන් වසරකට රුපියල් කෝටි 2670ක් ඒ සඳහා වැය කරනු ඇත.පාකිස්තානයේ සිට මෙරටට ගෙන එන ලද කන්ටේනරයකින් ඉකුත්දා සොයාගත් හෙරොයින් කිලෝ 261 ද මෙරට මාස 04 ක් තුළ භාවිතයට ගන්නා ප්‍රමාණයක් බව මත්ද්‍රව්‍ය පාලන අංශ සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ