ජාතික රූපවාහිනියේ සතියේ දින පහේම රාත්‍රී හතයි තිහට විකාශය වන "A/L ඉවරයි" ටෙලි නාට්‍යය තුලින් සමාජ යතාර්ථය මැනවින් පෙන්වීම නිසාවෙන් ඉතා කෙටිකලකින්ම එම නාට්‍යය බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්විය.
මෙම ජනප්‍රියත්වයෙන් සිය ආදායම් මාර්ගය තරකරගැනීමට සිතු ජාතික රූපවාහිනිය විසින් ටෙලි නාට්‍යයයේ විකාශන කාලය අතරතුරදී සීමාවකින් තොරව දැන්වීම් පලකිරීමට පටන්ගෙන ඇත.
ඒ අනුව මේවනවිට නාට්‍යයට පෙර තිරයේ දිස්වන ඊට අත්වැල සැපයු කලාකරුවන්ගේ නාමාවලිය ජාතික රූපවාහිනිය විසින් කපාදමා ඇත. ඒ අනුව ඒ කාලයද දැන්වීම ප්‍රචාරයට ඔවුන් විසින් යොදවා ඇත්තේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂකවරයාගෙන් හෝ කිසිවක් නොවිමසාය.
මේ පිලිබඳ එම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ලක්මිණි අමරදේව මහතා ප්‍රකාශකොට තිබුනේ මෙවැන්නකි.
"ජාතික නාලිකාවක් තුලින් මේ වගේ දෙයක් කිරීමට පෙළඹීම තුලින් ජාතික මානසිකත්වය මොකද්ද කියලා පේනවා..මෙයට වගකිවයුත්තේ ජාතික රූපවාහිනියේ වැඩකරන මිනිස්සු. මේ පෙන්න තියෙන්නේ ඔවුන්ගේ "එතිකල්" ප්‍රශනයක් සහ තීරණ ගැනීමේ මන්ද බුද්ධික කම. මං මේ ගැන ඊට වගකිවයුතු ජාතික රූපවාහිනියේ නිලධාරියාගෙන් විමසුවා.
ඔහු කියනවා මම ඒ ගැන දන්නේ නැහැ, ඒ ගැන බලන්නම් කියලා. එතකොට මම අහන්නේ ඇයි මේ මිනිහව ජොබ් එකට ගත්තේ ?
මේ සිදුවීම ජාතික නාලිකාවේ නින්දිත ක්‍රියාවක්. අද ජාතික නාලිකාව සල්ලි හොයන්න හදන්නේ පුදුම කෑදර විදියට. නාට්‍යය විකාශය කරනකොට එයට විනාඩි විස්සකුත්, දැන්වීම සඳහා විනාඩි දහයකුත් වෙන් කරන්න එකඟ වුනා. දැන් ඒ විනාඩි දහයත් මැදිවෙලා.ඕනෑම දෙයකට ආයතනයකට ආචාරධර්ම පද්ධතියක් තියෙන්න ඕන.
ගණිකා මඩමකටත් එහෙම අචාරධර්ම පද්ධතියක් තියෙනවා. නමුත් ජාතික නාලිකාවට අද එහෙම පද්ධතියක් නැහැ. මං මේ ගැන මාධ්‍යයෙන් කතා කළා කියලා "A/L ඉවරයි " නාට්‍යය විකාශය කිරීම නවත්තල දැම්මත් මට කමක් නැහැ. මං බය නැහැ. මං ජීවත් වුනේ මේ ටෙලිනාට්‍යයෙන් නෙවෙයි. මං මේ නාට්‍යයෙන් ලාභ අරන් නැහැ.
"