-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ්හිදී ඝාතනයට ලක්වූ තවීෂ ලකිඳු පීරිස් නමැති ශ්‍රී ලාංකික තරුණයා ඝාතනය කළ බවට 18 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුණයෙකු වරද පිළිගෙන තිබේ.
එරට මාධ්‍ය වාර්තා කළේ, කාසිම් අහමඩ් නමැති ඩාර්නෝල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ෂෙෆීල්ඩ් රාජකීය අධිකරණ‍ය හමුවේ එලෙස වරද පිළිගත් බව ය.
මෙම ඝාතනය සිදුකළ දිනයේ ඔහු තවත් කොල්ලකෑම් දෙකක් සිදු කළ බව ද අධිකරණයේදී හෙළි විය.
තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උපදේශකයෙකු බවට පත්වීමේ අරමුණින් ඒ සම්බන්ධයෙන් උපාධියක් ද හදාරා ඇති තවීෂ ලකිඳු පීරිස් ඝාතනයට ලක්වන විට පීට්සා බෙදාහැරීමේ රැකියාවක් කරමින් සිට තිබිණි.
තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක් ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටි ඔහු ඝාතනයට ලක්වූයේ, සිය අවසන් පීට්සා බෙදීමට ගිය අවස්ථාවේදී ය.
25 හැවිරිදි තවීෂ, බ්‍රිතාන්‍යයට ගොස් තිබුණේ, සැපවත් ජීවිතයක් ගොඩ නගා ගැනීමේ අරමුණිනි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගත් කාසිම් අහමඩ්ට දඬුවම් නියම කිරීම මෙතෙක් සිදු කර නොමැත.
තවීෂ ලකිඳු පීරිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් සමග BBC පුවත් සේවය කළ සාකච්ඡාමය විශේෂාංගය පහත දැක්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos