හම්බන්තොට රුහුණු මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට මෙතෙක් ආ දිගම නෞකාව අද උදෑසන පැමිණියා. නෞකාවේ දිග මීටර් 300ක්. ග්‍රීසියේ මරමරාස් ෂිපින් ආයතනයට අයත් මෙම නෞකාව ඉන්දියාවේ ක්‍රිෂ්ණා පත්ලම් ජාත්‍යන්තර වරායේ සිට දකුණු අප්‍රිකාව බලා ගමන් කරමින් සිටී.
නෞකාව හම්බන්තොට වරායට පැමිණියේ ඉන්ධන ලබා ගැනීම සඳහාය. තෙල් මෙට්‍රික් ටොන් 1400ක් පමණ මෙම නෞකාවට ලබා දී තිබේ. හම්බන්තොට වරායෙන් නෞකා සඳහා ඉන්ධන ලබාදීමේ පහසුකම මෑතකදී හඳුන්වාදෙනු ලැබූවකි.