බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මත්කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දන්නා තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබාදෙන්නේ නම් එම අවස්‌ථාවේ සිට විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කළේය. කොළඹ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරන පුද්ගලයන් දන්නා බව පළාත් සභා මන්ත්‍රීවරිය මාධ්‍යයට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට නම් ඇය ඊට අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියට ද තොරතුරු දීම පහසුවක් බව අජිත් රෝහණ මහතා කීය.
පොලිසියට තොරතුරු ලබාදෙන පුද්ගලයාගේ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට පොලිසිය බැඳී සිටින බව කී හෙතෙම තොරතුරු සත්‍ය නම් කුමන තරාතිරමක අයෙක් හෝ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුබට නොවන බව ද වැඩිදුරටත් කීය.