ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 45,000කට වැඩි පිරිසක් හෙරොයින් සඳහා ඇබ්බැහි වී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා. මෑතදී කළ තවත් සමීක්ෂණයකින් හෙලිව තිබෙන්නේ ඔවුන් හෙරොයින් පානය සඳහා දෛනිකව වැය කරන මුදල රුපියල් කෝටි එකහමාරක් පමණ බවයි.
ඒ අනුව වාර්ෂිකව හෙරොයින් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් වැය කරන මුළු මුදල රුපියල් කෝටි 565ක් පමණ වනවා. මීට අමතරව ශ්‍රී ලංකාවේ තවත් පුද්ගලයින් ලක්ෂ දෙකක් පමණ ගංජා භාවිතයටද ඇබ්බැහී වී තිබෙන බවයි සමික්ෂණවලින් හෙලිව තිබෙන්නේ.
මේ අතර මත්කුුඩු සම්බන්ධයෙන් අපරාධවලට අදාලව මෙම වසරේ මේ දක්වා කාලයේ දී 12,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා නෙත් නිවුස් කළ විමසීමකදී ඉකුත් දා කියා සිටියා.