-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට වෙලේ සුදා නමැත්තාට අයත් රුපියල් හයකෝටි තිස්‌ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පෙරේදා (14 වැනිදා) රාත්‍රි මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය සමඟ ජාවාරම්කරුවෝ හයදෙනෙක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වූහ. සැකකරුවන් අතර වෙලේ සුදාගේ සමීපතම සගයකු බව කියන චින්තක ඩයස්‌ නමැත්තා ද සිටින බව පොලිසිය පවසයි.

ජාවාරම්කරුවන් හෙරොයින් තොගය වෑන් රථයක පටවාගෙන යමින් සිටියදී මාදිවෙල බෝධිය අසල රැක සිටි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරම්කරුවන් සතුව හෙරොයින් කිලෝග්‍රෑම් නවයක්‌ තිබූ බව පොලිසිය පවසයි.

මීට සති කීපයකට උඩදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් වෙලේ සුදා නමැති ජාවාරම්කරුට අයත් හෙරොයින් කිලෝග්‍රෑම් 85 ක්‌ කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

එම වැටලීමේදී ජාවාරම්කරුවන් දෙදෙනෙක්‌ කොටු වූහ. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරම පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වී තිබිණි.

ඒ ඔස්‌සේ කළ වැටලීමකදී වෙලේ සුදා නමැති මහා පරිමාණ ජාවාරම්කරුට අයත් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

මෙම හෙරොයින් කිලෝග්‍රෑම් නවය කැලණියේදී මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝ 85 සමඟ ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ තොගයක්‌ බව හෙළි වී තිබේ.

වෙලේ සුදා නමැති හෙරොයින් ජාවාරම්කරු ඉන්දියාවේ සිට මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවන අතර මොහොමඩ් සිද්ධික්‌ නමැත්තා ඔහුගේ ප්‍රධානම ගෝලයා ලෙස එම කටයුතු ක්‍රියාත්මක කරන බව ද පරීක්‍ෂණවලදී අනාවරණය විය.

මාදිවෙලදී සහ කැලණියේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොග ඩුබායි සහ පාකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බව ද හෙළි වී තිබේ.

මුහුදු මාර්ග ඔස්‌සේ ශ්‍රී ලංකාවට ගෙන්වන හෙරොයින් බෙදාහැරීමේ කටයුතු සිදුකරන්නේ ඩුබායිහි සිටින වෙලේ සුදාගේ ගෝලයන් පිරිසක්‌ විසින් බව ද පොලිසිය හෙළිකරගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මේ වර්ෂය තුළදී පොලිසිය, බන්ධනාගාරය, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 133 ක්‌ බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos