-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

YouTube වෙබ් අඩවියෙහි ඇතුළත් ලෝක ප්‍රකට ගායක ගායිකාවන් රැසකගේ ගීත ඉන් ඉවත් කිරීමේ අවදානමක් මතුව තිබේ.
මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ, YouTube වෙබ් අඩවියෙහි music videos පළ කර ඇති ගායන ශිල්පීන් YouTube වෙබ් අඩවිය සමග ගිවිසුමකින් බැඳිය යුතු බවට පනවා ඇති රෙගුලාසියක් හේතුවෙනි.
මෙම ගිවිසුමට ‍Universal, Sony සහ Warner යන දැවැන්ත සමාගම් තුන එකඟත්වය පළ කර තිබේ.
ඒ අනුව, එම ලේබල් යටතේ YouTube වෙබ් අඩවියෙහි music videos පළ කරන ගායක ගායිකාවන්ගේ ගීත සඳහා YouTube වෙබ් අඩවියේ අවසර හිමි වේ.
මෙහිදී අවදානමට ලක්ව ඇත්තේ, ස්වාධීන ලේබල් යටතේ ගීත ඉදිරිපත් කරන ශිල්පීන් ය.
ඒ අතර, ලෝක ප්‍රකට ගායක ගායිකාවන් වන Adele, Arctic Monkeys සහ Radiohead වැනි ස්වාධීන ලේබල් සහිත කලාකරුවන් රැසක් වෙති.
ඔවුන් චෝදනා කළේ, YouTube වෙබ් අඩවිය සංගීත කර්මාන්තය පිළිබඳ වැරදි තීන්දුවක් ගෙන ඇති බව ය.
මේ අතර, මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා තවදුරට ත් ක්‍රියා කරන බව YouTube වෙබ් අඩවිය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos