මාවනැල්ල නගරයේ වෙළෙඳ සැලක අද අලුයම සිදුවූ සොරකමක් සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ සටහන්ව තිබුණි.
අද අලුයම 01ට පමණ මාවනැල්ල නගරයේ පිහිටි වෙළෙඳ සැලට එම පුද්ගලයා ඇතුළු වී තිබුණි .
නිවසේ සිට මෙම දර්ශන නිරීක්ෂණය කළ වෙළෙඳසැල් හිමිකරු අදාළ සිදුවීම පිළිබඳව මාවනැල්ල පොලිසිය දැනුම් දී තිබුණා.
කෑගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අතුළු මාවනැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් අලුයම 2 ට වෙළෙඳ සැල වෙත පැමිණියහ.
පොලිසිය සඳහන් කළේ, එම අවස්ථාවේදී සැකකරු වෙළෙඳ සැලෙන් පැන ගොස් ඒ අසළ පිහිටි කාණුවක සැඟවුණු බව ය.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් කාණුව පරීක්ෂාවට ලක් කළත් ඔහු සොයාගත නොහැකි වී තිබේ.
පසුව උදෑසන මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් දෙදෙනෙකු සහ මාවනැල්ල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු එම කාණුව යළි පරීක්ෂා කළ අවස්ථාවේ එහි සිටි සැකකරු අත්අඩංගුවට ගැනිණ.
පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී රුපියල් 2,500ක පමණ මුදලක් සොයාගත් බව ය.
ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පොලීසිය සඳහන් කළේය.