හැටන්-දික්ඔය නගරාධිපති අලගමුත්තු නන්ද කුමාර මහතා පෙන්වා දෙන්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කාන්තාවන්ගෙන් 26% දෙනෙකු මත්පැන් පානයට යොමුවී ඇති බවයි.
අද වනවිට නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ දරුවන්ගෙන් මන්දපෝෂණය 40% දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ 7% කට පමණක් බවත් ඒ මහතා පැවසුවේ ළමා පෝෂණය පිළිබද දෙමාපියන් දැනුවත් කිරීමට හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පැවති වැඩමුළුවකදීය.
‘දිස්ත‍්‍රික්කයේ මන්දපෝෂණය පහත දැමීමට අපි කටයුතු කළ යුතුයි. මෙම මන්දපෝෂණය හේතුවෙන් මෙම දිස්ත‍්‍රික්කයේ දරුවන් විවිධ ආබාධවලට ලක් වීමට ඉඩ තියෙනවා. මේ පිළිබද මෙම දෙමාපියන් සිතා බැලිය යුතුයි.
අද සමහර දරුවන් පාසල් එන්නේ උදේට කන්නේ නැතිව. මෙයට ආර්ථිකයත් බලපාන්න පුළුවන්. ඒත් මේ දෙමාපියන් හිතුවොත් මෙම තතත්වයෙන් මේ දරුවන් මුදවාගන්න පුළුවන්.
අද වතුකරය ගත් විට පිටිවලින් හදන රොටියක් තමයි ආහාරය වන්නේ. ඒත් එම රොටිය වෙනුවට බත් ටිකක් කෑමට දෙන්න පුළුවන්නම්එය ඉතා හොදයි’ වැඩිදුරටත් කතාකළ අලගමුත්තු නන්ද කුමාර මහතා කීය.