ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටි ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු ඝාතනය කළ බවට සැකපිට ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලීසිය පවසන්නේ, 34 හැවිරිදි දිනේන්ද්‍ර අතුකෝරළ නමැති ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති බව ය.
වෛද්‍යවරියක වන 34 හැවිරිදි ඔහුගේ බිරිඳ ද ශ්‍රී ලාංකික කාන්තාවක බව එම පොලීසිය පවසා තිබේ.
ඔවුන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ජෙරල්ඩ්ටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.
කැපුම් තුවාල සහිතව ඔහුගේ නිවසේ වැටී සිටියදී ජූනි 24 වන දා රෝහල්ගත කෙරුණු එම වෛද්‍යවරයා පසුව මියගොස් තිබිණි.
සිය සැමියා ඝාතනය කළ බවට ඇයට චෝදනා එල්ල වී ඇති අතර ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ, ඊයේ දිනයේදී ය.
අද දිනයේදී ඇය ජෙරල්ඩ්ටන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මෙම යුවළගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ වෙසෙන බව වාර්තා වේ.