-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්ධන පිරවුම්හලක පොම්ප ක්‍රියාකරුට සහ ආරක්ෂක නිලධාරියාට නින්ද ගොස් සිටි අවස්ථාවක පුද්ගලයෙකු තම රථයට ඉන්ධන ලබාගැනීමේ සිද්ධියක් අම්පාරෙන් වාර්තා වනවා. කෙසේ වෙතත් එම සිද්ධිය පිරවුම්හලේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. මෙම සොරකම සිදුව තිඛෙන්නේ ඊයේ අලූ‍යම් කාලයේදී අම්පාර හිගුරාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදීයි.

ත්‍රීරෝද රථයකින් පුද්ගලයෙකු තෙල් ලබාගන්නා ස්ථානයට පැමිණ එහි වූ පොම්පයෙන් තමාගේ රථයට තෙල් ගසා ගන්නේ පොම්ප ක්‍රීයාකරුට හෝ ආරක්ෂක නිලධාරියාට කිසිදු ශබ්දයක් නොනැගෙන ලෙසයි.එම අවස්ථාවේදී අදාළ පිරවුම්හලේ ආරක්ෂක නිලධාරියාට සහ පොම්ප ක්‍රීයාකරුට තදින් නින්ද ගොස් සිට තිඛෙනවා.

පසුව ත්‍රීරෝද රථයේ පැමි‚ පුද්ගලයා පොම්ප ක්‍රීයාකරු අවදි කරවා යළිත් තම රථයට ඉන්ධන ලබා ගන්නේ මුදල්ද ගෙවමින්.පසුව මුදල් සහ තෙල් මීටරය පරීක්ෂා කිරීමේදී හිග මුදලක් පැවතීම හේතුවෙන් ආයතනයේ සී.සී.ටී.වී.කැමරා දර්ශන විමර්ශනය කර ඇති අතර එහිදී අදාළ සොරකම හසුවී තිඛෙනවා.අප වාර්තාකරු පැවසුවේ ඉන්ධන සොරකම් කළ පුද්ගලයා පසුදින පිරවුම්හල වෙත පැමිණ තමන් පෙර දින බීමත්ව සිටි බවත් රුපියල් 700ක ඉන්ධන ලබා ගත් බවත් පවසා එම මුදල ගෙවා ඇති බවයි.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week