-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හංවැල්ල තුන්තාන ප‍්‍රදේශයේ පැවති විරෝධතාවයේදී බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මතට ගසක් කපා මරණයට පත් කිරීම ‘චේතාන්විතව කළ ඝාතනයක්’ බවත්, මේ නිසා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ක‍්‍රියාව පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බවත්, මේ අනුව සිද්ධියට සම්බන්ධ සියලූම දෙනා ඉදිරි දින දෙක තුන තුළ අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර මරණයට පත් වූ බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week