-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සෑම දෙවසරකටම වරක් කොණ්ඩා විලාසිතා හා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වෙළෙඳ සල්පිලෙහි වන සුවිශේෂීම අංගය වනුයේ මෙම කොණ්ඩ විලාසිතා ලෝක කුසලානයයි.
තෙදිනක කාලයක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය අදියර රාශියකින් යුතුව පැවැත්වෙනුයේ ඒ එක් අදියරේදී විවිධ වයස් කාණ්ඩයන්ට අයත් කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ කෝණ්ඩා විලාසිතා සකස් කිරීමට විලාසිතා නිර්මාණශිල්පීන්ට අවස්ථාව ලබාදෙමිනි. ඉතා සංකීර්ණ මෙන්ම අතිශයෝක්තියෙන් යුතු  මෙම විලාසිතා සකස් කිරීම අතිශය වෙහෙසකර එමෙන්ම ආතතිය දනවන නිර්මාණ කාර්යක් වන අතර එම කාලය මුළුල්‍ලේම විනිසුරුවරුන්ගේ දැඩි අධීක්ෂණයට ඔවුහු ලක් වන්නෝය.
කෙසේ වුවද කොණ්ඩ විලාසිතා නිර්මාණයට අමතරව මනාලියන් සැරසීම හා වේදිකා වේෂ නිරූපණය, නිය අලංකරණය, දේහ පින්තාරු ක්‍රම හා ත්‍රිමාණ කලාවන් සඳහා තරග පැවැත්වෙනු ලැබේ. මීට පෙරදී මොස්කව්, පැරිස්, මිලාන් යන නගරවලදී පැවැත් වුණු කොණ්ඩ විලාසිතා ලෝක කුසලානය මෙවර ෆ්‍රෑන්ක්ෆර්ට් නුවර පැවැත්වෙනුයේ දාහතර වසරකට පසුවය.
අද වනවිට රටවල් හැටක විසි ලක්ෂයක පිරිසක් සාමාජිකත්වය උසුලන ර්ධදඤඪඥතඥ ඛිධඪටටභපඥ   සංවිධානය 1946 වසරේදී මුල්වරට පිහිටුවන ලද්දේ ලොව සිව් දෙසේ වෙසෙන කොණ්ඩා සැකසුම් ශිල්පීන් එකට එක්කොට ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය හා පිළිගැනීම ජාත්‍යන්තරයේ ඉහළම තලයකට ගෙන ඒමේ අරමුණු පෙරදැරිවය.
ර්ඛි යනු කොණ්ඩා විලාසිතා නිර්මාණකරුවන් උදෙසා ලොව පිහිටුවා ඇති දැවැන්තම සංවිධානය සේම ඒ විසින් දෙවසරකට වරක් සංවිධානය කරනු ලබන මෙම ලෝක කුසලාන තරගාවලියද එබඳු ඝනයේ ලොව පැවැත්වෙන දැවැන්තම තරගාවලියයි. එහි සභාපති ‘සැල්වටොර් ෆොමේරා’ පවසන ආකාරයට මෙම තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීම යනු කොණ්ඩා විලාසිතා නිර්මාණකරුවකුට ජාත්‍යන්තර මට්ටමින් ලබාගත හැකි ඉහළම පිළිගැනීමයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week