දිවුරුම් ලද කන්‍යාවන්’ යන අර්ථය ඇතිව ‘බුර්නේෂාස්’ ලෙස හැඳින්වෙන මෙම කාන්තාවන් සිය කෙස් කෙටිවන සේ කපා, පිරිමි ඇඟලුමින් සැරසී, සාමාන්‍යයෙන් පිරිමියෙකු විසින් සිදුකරනු ලබන වැඩපළ සියල්ල කරමින් පවුලේ ප්‍රධානියා ලෙස බර කරට ගනිමින් පිරිමියෙකු ලෙස සිය වගකීම් ඉටුකරනු ලබන්නේ පහළොස් වන සියවසේදී ඇරඹුණු සම්ප්‍රදායක් හේතුවෙනි. එදා යුද්ධය නිසා සිය පවුලේ අවසන් පිරිමි පාර්ශ්වීය උරුමක්කරුවාද අහිමි වුණු පවුල්වල සාමාජිකයන්ට සිය පවුලේ සිටින වැඩිමහලුම දියණියට පීතෘක වගකීම් පැවරීමේ හැකියාවක් තිබුණු අතර, ගෝත්‍රික ඇල්බේනියානුවන් අතර අදටද පැවත එන්නේ එම සිරිතයි. පිරිමින් සමග සාමාන්‍ය පිරිමියෙකු මෙන් ඇඟෑලුම්කම් දැක්වීමටත්, ඔවුන් සමග එක්ව වැඩ කිරීමට පමණක් නොව මත්පැන් පානයට, දුම්වැටි ඉරීමට හා තුවක්කු භාවිතයට මෙම කාන්තාවන්ට සිය පවුලෙන් මෙන්ම සමාජයෙන්ද හිමිවනුයේ පූර්ණ නිදහසකි. එසේ වුවද සැබෑ පිරිමියෙකු ලෙස ජීවත් වීමටත්, වගකීම් ඉටුකිරීමත් වෙනුවෙන් ඔවුන්ට කිරීමට සිදුවන කැපවීම නම් සුළුපටු නොවේ. සිය ජීවිත කාලය මුළුල්‍ලේම අවිවාහක බ්‍රහ්මචාරි දිවියක් ගත කිරීමට බුර්නේෂාවන්ට සිදුවේ.
අද අනූ දෙහැවිරිදි වියේ පසුවන ‘කුආමිල් ස්ටේවා’ හට විසිහැවිරිදි වියේදී සිය ගැහැනුකමට සමුදීමට සිදුවූයේ සිය පියාගේ අකල් මරණයෙන් පසුව පවුලේ දේපළ හා සිය බාල සොහොයුරියන් නව දෙනා රැක ගැනීමත් වෙනුවෙන් ‘පිරිමිකමේ දිවුරුම’ ලබනවා විනා අන් විකල්පයක් නුවූ නිසාය.