-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කොළඹ හතේ කුරුඳුවත්ත හේවා ඇවනිව් හි පිහිටි දෙමළ ජාතිකයකුට අයත් රුපියල් කෝටි ගණනක්‌ වටිනා සුවිසල් නිවසක්‌ සඳහා ව්‍යාජ ඔප්පු සකස්‌ කර එය තමන් සන්තක කර ගත් බව කියන රජයේ ප්‍රබලම ඇමැතිවරයකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

උසස්‌ අධ්‍යාපන ආයතන වෙත මෙම සුවිසල් නිවස පවරා ගන්නා මුවාවෙන් ඊට ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර ඇති බව කියන අදාළ ඇමැතිවරයා දැන් එය තමන් සන්තක කර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම සුවිසල් නිවස අයත්ව තිබී ඇත්තේ කුරුඳුවත්තේ පදිංචිව සිටි නඩරාජා නමැති ධනවත් දෙමළ ජාතිකයකුටය. මීට කලකට උඩදී එම දෙමළ ජාතිකයා මියගොස්‌ ඇත. පසුව මෙම නිවසේ අයිතිය පැවරී ඇත්තේ දැනට ජැමෙයිකාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු වන කථිකාචාර්යවරයකුට ය.

අදාළ නිවස උසස්‌ අධ්‍යාපන ආයතනයකට පවරා ගන්නා මුවාවෙන් ඇමැතිවරයා සතු කර ගෙන ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩී එකට) පැමිණිල්ලක්‌ ලැබී ඇත්තේ මීට දින කීපයකට උඩදීය.

මෙම සුවිසල් නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක්‌ වටිනා භාණ්‌ඩ තොගයක්‌ ද මේ වන විට අදාළ ඇමැතිවරයා සහ ඔහුගේ ගෝල බාලයන් විසින් හොර රහසේම රැගෙන ගොස්‌ ඇති බව ද වාර්තා වෙයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos