-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මුස්ලිම් නොවන පුද්ගලයන් දෙවියන් හැඳින්වීම සඳහා අල්ලා යන වචනය භාවිතා කිරීම තහනම් කරමින් මැලේසියානු මහාධිකරණය විසින් තීන්දුවක් දී ඇතැයි වාර්තා වේ.
2009දී පහළ අධිකරණයක් විසින් මැලේසියාවේ ක‍්‍රිස්තියානි පුවත්පතක් වන ද හෙරල්ඞ් පුවත්පතට අල්ලා යයි සඳහන් කිරීම අනුමත කරමින් නියෝගයක් ලබාදී තිබිණි.
එම අධිකරණ නියෝගය පසුගිය ඔක්තෝබර් මාසයේදී අභියාචනාධිකරණය විසින් නිෂ්ප‍්‍රභා කරන ලද අතර මැලේ මාධ්‍ය පුවත්පතට ශුද්ධවූ අරාබි වචනය භාවිතා කිරීම වාරණය කරන ලදී.
එයට මහාධිකරණය තුළ අභියෝග කිරීමට ද හෙරල්ඞ් පුවත්පත විසින් පියවර ගත් අතර ඔවුන් පැවසුවේ මැලේ භාෂාවෙන් දෙවියන් හැඳින්වීම සඳහා අල්ලා යන වදන සියවස් ගණනාවක් පුරා භාවිතා කිරීම කිසිදු ගැටළුවක් ඇති නොකළ බවයි.
ඉල්ලීම සලකා බැලූ සප්ත පුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයෙන් විනිසුරුවන් සිව්දෙනෙක් විසින් අභියාචනාධිකරණ තීන්දුව යළි තහවුරු කර තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ ද හෙරල්ඞ් පුවත්පතේ කතෘ ලෝරන්ස් ඇන්ඩෘ පියතුමා පවසා ඇත්තේ සුළු ජාතිකයන් සතු මූලධාර්මික අයිතියක් මෙම තීන්දුව විසින් උල්ලංඝනය කර ඇති බවයි.
මිලියන 29ක පමණ ජනගහනයකින් යුතු මැලේසියාවේ ක‍්‍රිස්තියානි ලබ්ධිකයින් 9%ක් පමණ ජීවත්වන බව පැවසේ.
මැලේසියාව බහු ආගමික සමාජයකට අනුග‍්‍රහය දක්වන මුස්ලිම් රාජ්‍යයන් කිහිපයෙන් එකක් ලෙස සැලකේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos