-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එංගලන්තය, අයර්ලන්තය,ස්කොට්ලන්තය, වේල්සය, බෙල්ජියම, ප්‍රංශය, ලක්සම්බර්ගය එක් පිලකට අයිති විය. පින්ලන්තය, ඩෙන්මාර්කය, නොර්වේ හා ස්වීඩනය තවත් පිලක විය. ජර්මනිය, ඔස්ට්‍රියාව, හංගේරියාව තවත් පිලක විය. එංගලන්තය ප්‍රමුඛ පිල ජර්මනිය ප්‍රමුඛ පිල සමග තරග වැදීම ප්‍රතික්‍ෂේප කළේය.තවත් කණ්ඩායමක් ප්‍රකාශ කළේ අතීතය අමතක කර දමා ක්‍රීඩාව හරහා යුරෝපයේ සියලු රටවල් එක් විය යුතු බවයි. ජූලිස් රිමෙට් එම රටවල අදහස අනුමත කරමින් නැවත නව ලෝක පාපන්දු ශූරතාවයක තරගාවලියක් පැවැත්වීමට 1929 ඇම්ස්ටර්ඩෑම් නගරයේදී පැවැත්වූ (ජ්ජ්ඒ) සම්මේලනයේදී එකඟතාවයකට පැමිණ ඇත. ඒ අනුව 1930 දී මෙම ජගත් පාපන්දු ශූරතාවලිය පැවැත්වීමට එකඟ වූහ.
ඊළඟට මතු වූ ප්‍රශ්නය වූයේ පළමු සත්කාරක රට තෝරා ගැනීමය. එම වරම ලබා ගැනීම සඳහා රටවල් 6ක් තරග වැදින. ඉතාලිය. නෙදර්ලන්තය, හංගේරියාව, ස්වීඩනය, ස්පාඥ්ඥය හා උරුගුවේ යන රටවල් අතර ඇති වූ තරගයේදී උරුගුවේ ජය ගත්තේය. ඔවුනට එම වරම හිමි වූයේ 1924 හා 1928 යන වර්ෂ දෙකේම ඔලිම්පික් පාපන්දු රන් පදක්කම් ශූරතාව දිනාගැනීමට හැකි වූ නිසාය. ලෝක පාපන්දු ශූරතාවයකට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ ස්වීඩනය සත්කාරක රටක් හැටියට ඉදිරිපත් වීමට තරග වැදීම කාගේත් විමතියට හේතු විය.
පළමු ජගත් පාපන්දු ශූරතාවය දකුණු ඇමෙරිකානු රටක් වූ උරුගුවේහි පැවැත්වීමට ගත් තීරණයට යුරෝපයේ බොහෝ රටවල් කැමති වූයේ නැත. යුරෝපා කණ්ඩායම්වලට මොන්ට්විඩියෝ නගරයට මුහුදු මාර්ගයෙන් සේන්දු වීමට වෙහෙසකර සති 3ක කාලයක් ගතවන බව ප්‍රකාශ විය.
ආරම්භක හා අවසන් තරග පවත්වන සෙන්ටිනරි නව ක්‍රීඩාගාරය උරුගුවේ රජය අට මාසයක් අතුළත සාදා නිම කළේය. තවත් ක්‍රීඩා පිට්ටනි දෙකක් නවීකරණය කළේය.
එසේ වුවද තරගාවලියට මාස දෙකක් තිබියදී යුරෝපා රටවල් බොහොමයක් තරගාවලියෙන් ඉවත්වන බව දැන්වීය. බෙල්ජියම, ප්‍රංශය හැර එංගලන්තය ප්‍රමුඛ පිලට සම්බන්ධ වූ රටවල් තරගාවලියෙන් ඉවත් විය. ජගත් පාපන්දු සම්මේලනයේ එවක උප සභාපතිවරයා වූ බෙල්ජියම් ජාතික රූඩොල්ෆ් විලියම් තම රටේ කණ්ඩායම සහභාගි කරවීමට කටයුතු සැලසුම් කළේය. රුමේනියාවේ කැරොල් රජු එරට කණ්ඩායම සහභාගි කිරීමට පියවර ගත්තේය.
මේ අනුව වර්ෂ 1930 ජූලි 13 දා ආරම්භ වූ පළමු පාපන්දු ලෝක ශූරතාවලිය සඳහා සහභාගි වූයේ රටවල් 13ක් පමණි. එයට යුරෝපා රටවල් 5ක් පමණක් ඇතුළත් විය. ඒ රටවල්නම් බෙල්ජියම, රුමේනියාව, ප්‍රංශය, හංගේරියාව, හා යුගොස්ලෝවියාවයි. ඉතිරි රටවල් 8 උතුරු හා දකුණු ඇමෙරිකානු රටවල්ය. තරගාවලිය දින 7ක් පවත්වා 1930 ජූලි 30 දා අවසන් විය. අවසාන තරගය උරුගුවේ හා ආර්ජන්ටිනාව අතර මොන්ට්විඩියෝහි සෙන්ටිනරි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. උරුගුවේ ආර්ජන්ටිනාව ගෝල 4ට 2න් පරාජය කර පළමු ලෝක පාපන්දු ශූරතාවය දිනා ගනු ලැබුවේය. උරුගුවේහිදී ඉතා සාමකාමීව, ක්‍රීඩාවේ ගෞරවය ආරක්ෂා වන පරිදි අවසන් තරගය නිමා වුවත් ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් අගනගරය තරග පරාජයත් සමග නොසන්සුන් විය. ජනතාව ප්‍රචණ්ඩ විය. කෝලාහල කරවන්නන් පලවා හැරීම සඳහා ‍පොලීසියට වෙඩි බලය පාවිච්චි කිරීමටද සිදු විය.
ආරම්භක තරගය පැවැත්වූයේ ප්‍රංශය හා මෙක්සිකෝව අතරයි. ප්‍රංශය ගෝල 4-1න් ජය ගත්තත් ආර්ජන්ටිනාව හා චිලී රටට පරාජය වී තරගාවලියෙන් ඉවත් විය. ප්‍රංශයත් ආර්ජන්ටිනාවත් අතර පැවැති තරගය සමබර විය. කුමන පැත්තකට ජය අත්වේදැයි කිව නොහැකි තරමට ජය පරාජය දෝලනය වෙමින් තිබූ අවස්ථාවක තරගයට තවත් මිනිත්තු 6 ඉතිරිව තිබියදී බ්‍රසීලියානු විනිශ්චයකරු තරගය අවසන් කිරීමට විසිල් එක නාද කළේය. මහා ගැටුමක් ඇති විය. ක්‍රීඩාපිටිය ප්‍රේක්ෂකයෝ ආක්‍රමණය කළහ. ‍පොලීසියට මැදිහත් වීමටද සිදු විය. විනිශ්චයකරු වරද පිළිගත්තේය. නැවත තරගය ආරම්භ විය. ගෝල 1-0න් ආර්ජන්ටිනාව ජයග්‍රහණය කළේය. රුමේනියාව හා පේරු අතර මොන්ට්විඩියෝ ක්‍රීඩා පිටියේ පැවැති තරගය නැරඹීමට ක්‍රීඩා ලෝලීන් පැමිණියේ 300ක් පමණ යයි සඳහන් වේ. එය ජගත් පාපන්දු ශූරතාවලියක තරගයක් නැරඹීමට පැමිණි අඩුම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස වාර්තා ‍පොතට ඇතුළත් කර ඇත.
උරුගුවේ පාපන්දු කණ්ඩායමේ දැල රකින්නා වූ ඇන්ටොනියො මසාලි පළපුරුදු ප්‍රබල ක්‍රීඩකයෙකි. ඔහු 1924, 1928 ඔලිම්පික් පාපන්දු ශූරතා දෙකම ජයග්‍රහණය කිරීමට දැල් රැකීමෙන් බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකි. 1930 ලෝක ශූරතාවයට කණ්ඩායම තෝරා ගැනීමේදී අංක එකට තෝරා ගනු ලැබුවේ ඇන්ටෝනියෝය. තරග සඳහා අවශ්‍ය මානසික හා කායික ශක්තිය සකස් කිරීමට සති අටක විශේෂ පුහුණුවකට මොන්ට්විඩියොහි හෝටලයක මුළු කණ්ඩායමම හුදකලාව නවාතැන්ගෙන සිටියේය. ඇන්ටෝනියෝ දිනක් හොර රහසේ හෝටලයෙන් බැහැර වී ගෙදර ගොස් ආපසු හොර රහසේ හෝටලයට රාත්‍රියේ ඇතුල්වන විටම කණ්ඩායම් කළමනාකරුට හසුවිය. ඔහුට දඬුවම් ලැබිණ. ඒ මොහොතේම ඔහුව කණ්ඩායමෙන් ඉවත් කර ආපසු ගෙදර යැවූ බව වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය හා ආර්ජන්ටිනාව අතර පැවැති අවසන් පූර්ව තරගයේදී ඇමෙරිකානු ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් විය. ඇමෙරිකානු කණ්ඩායමේ පුහුණුකරු වහා ක්‍රීඩා පිටිය මැදට දිව්වේ ක්‍රීඩකයාට අවශ්‍ය ප්‍රථමාධාරයක් දීමටයි. ඒ අතරතුර ඔහු පිට්ටනිය මත ඇද වැටුනේය. ඔහු අත තිබූ ක්ලෝරෆෝම් බෝතලය බිඳින. ක්‍රීඩකයා නොව පුහුණුකරු නැවත ක්‍රීඩා පිටියේ සිට ඔසවාගෙන ඒමට සිදු විය. ක්‍රීඩකයාට ප්‍රතිකාරයක් අවශ්‍ය වූයේ නැත. ඔහු ක්‍රීඩාව කරගෙන ගියේය. එදා අද මෙන් නිල පාපන්දුවක් තරග සඳහා නොතිබිණ.
අවසන් තරගයේදී ක්‍රීඩා කළ යුත්තේ කුමන කණ්ඩායමට අයත් පා පන්දුවෙන්දැයි ප්‍රශ්නයක් මතුවිය. රටවල් දෙකේම කණ්ඩායමට තීරණයක් දීමට අපහසු විය. අවසානයේ බෙල්ජියම් විනිශ්චයකරු ජෝන් ලැන්ක්විනස් කාසියේ වාසියට පන්දුව
තෝරා ගැනීමට තීන්දු කළේය. ආර්ජන්ටිනාව කාසියේ වාසිය දිනුවේය. ඔවුන්ගේ පාපන්දුවෙන් ක්‍රීඩාව ආරම්භ කළේය. තරගයේ පළමු භාගය අවසන් කරන විට ආර්ජන්ටිනාව ගෝල 2-1න් පෙරමුණ ගෙන සිටියේය. දෙවන භාගයේ තරගය ආරම්භ කළේද ආර්ජන්ටිනා පිලට අයත් පන්දුවෙන්ය. ආර්ජන්ටිනාව එවර පෙරමුණට එමින් එක දිගට තව ගෝල තුනක් වාර්තා කළේය. තරගය අවසන් කරන විට උරුගුවේ ගෝල 4ක්ද අර්ජන්ටිනාව ගෝල 2ද වාර්තා කරගෙන තිබිණ. පළමු ජගත් පාපන්දු ශූරතාවලියේ ශූරතාව උරුගුවේ රටට හිමි විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos