ආසියාවේ මිල අඩුම ගුවන් සේවය වන එයාර් ඒසියා ගුවන් සේවා ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරමින් බැංගලෝර් සිට ගෝව දක්වා රු පියල් 450 ක ටිකට් පතක් හදුන්වා දී තිබේ.
බැංගලෝර් සිට ගෝව දක්වා එයාර් ඒසියා පළමු යානයෙන් ගමන් ගන්නා මගීන්ට මෙම අඩු මිල හදුන්වා දී ඇති අතර,බැංගලෝර් සිට ගෝව දක්වා ගොස් යළි පැමිණීමට අයකරන ගාස්තුව රුපියල් 990 කි.
මෙම නව ගාස්තු ක්‍රමය හදුන්වා දී මිනිත්තු 14 ක් යන්නට පෙර සියලු ප්‍රවේශපත් අලවි වී අවසන් වු බව විදෙස් වාර්තා සදහන් කරයි.
මෙම ගාස්තුවට අමතරව මගියා රැගෙන යන බඩු බාහිරාදිය සදහා වෙනම අය කෙරෙන බව ඉන්දීය වාර්තා කියයි