මේ වන විට රට තුල අන්තර්ජාල අපරාධ ඉහළ යාමේ ප‍්‍රවණතාවක් ඇති බැවින් අන්තර්ජාලය භාවිතා කිරීමේදී ආරක්ෂාකාරී වන්නැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.
ඒ මහතා සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති සයිබර් අපරාධ විමර්ශන ඒකකයට ෆේස්බුක් මගින් අපහාස කිරීම් සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 235ක්ද,අන්තර්ජාල බැංකු සේවකයන්ගෙන් කෙරුණු වංචා කිරීම් ගැන පැමිණිලි 09ක්ද,විද්‍යුත් තැපැල් ගොනුවලට අනවසර ඇතුල් වීම් ගැන පැමිණිලි 34ක්ද,පෞද්ගලික ආයතන වෙබ් අඩවි වලට අනවසර ඇතුල් වීම් ගැන පැමිණිලි 16ක්ද,රාජ්‍ය ආයතන වෙබ් අඩවි වෙත අනවසර ප‍්‍රවිශ්ටවීම් සම්බන්ධයෙන් පැමිණිලි 02ක්ද,විද්‍යුත් තැපැල් මගින් කරදර කිරීම් ගැන පැමිණිලි 37ක්ද ආදී වශයෙන් පසුගිය කාලයේ පැමිණිලි ලැබී ඇති බවයි.