-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


වගකීමක් නොමැතිව සිදු කරන දේවලින් මුළු ජීවිතය ම අඳුරු කරගත් අවාසනාවන්ත පුද්ගලයින් පිළිබඳව අප නොයෙකුත් කතා අසා තිබේ.
එවැනි වගකීම් රහිත ක්‍රියාවක් හේතුවෙන් සිය දිවි නසා ගත් 19 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක පිළිබඳව අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
නිර්වින්දන වෛද්‍යවරියක වීමේ අපේක්ෂාවෙන් සාර්ථක අනාගතයකට හිමිකම් කී ඇලීසා ෆන්ක් (Alyssa Funke) නමැති ඇය, ඒ සඳහා අධ්‍යාපනය ලබමින් සිටියේ විස්කොන්සින්හි රිවර් ෆෝල්ස් (River Falls University) විශ්වවිද්‍යාලයේ ය.
එහි අධ්‍යාපනය ලබන අතරතුර ඇය අසභ්‍ය වීඩියෝ සහිත වෙබ් අඩවියක් වෙනුවෙන් අසභ්‍ය වීඩියෝ දර්ශනයකට පෙනී සිට තිබේ.
එය වෙබ් අඩවියෙහි පළ කර සති දෙකක් ගත වන්නට මත්තෙන් ඇගේ Facebook සහ Twitter ගිණුම්වලට කෙටි පණිවුඩ රැසක් ගලා එන්නට විය.
ඉන් බොහෝමයක් සරසවියට පිවිසීමට පෙර ඇය ද්විතීක අධ්‍යාපනය ලැබූ Stillwater High School නමැති විද්‍යාලයේ සිටි සිය මිතුරන්ගෙන් ලැබී තිබිණි.
එම පණිවුඩවල අන්තර්ගත වී පැවතියේ, ඇය අසභ්‍ය වීඩියෝවකට පෙනී සිටීම සම්බන්ධයෙන් වන සමච්චල් අදහස් ය.
මෙම පණිවිඩවලට ඇය ඇතැම් විට ප්‍රතිචාර දක්වා තිබිණි.
එහෙත්, ඇයට මෙම තත්ත්වය වැඩි කල් දරාගෙන සිටීමට හැකියාවක් නොවී ය.
අවසානයේ ඇය හුදෙකලා ස්ථානයකට ගොස් ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තා ය.
නිර්වින්දන වෛද්‍යවරියක බවට පත් වීමේ සිහින දුටු 19 හැවිරිදි ඇලීසා ෆන්ක් දුර දිග නොබලා කළ ක්‍රියාව හේතුවෙන් ඇගේ දෙමාපියන්ට සිය දියණිය අහිමි විය.
ඉන්ටර්නෙට් සහ සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරන සියලු දෙනා මෙයින් උගත යුතු පාඩම කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.
ජීවිතය අපායක් කර ගැනීමට ඔබ ගන්නා එක් වැරදි තීරණයකට හැකි ය.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos