ලොව බලවත් ම මිනිසා ලෙස සැලකෙන අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා වොෂිංටන්හි හදිසි පාගමනක නිතර විය.
එය අවට සිටි සාමාන්‍ය අමෙරිකානු ජනතාවට විස්මයජනක අවස්ථාවක් බවට පත් විය.
බරැක් ඔබාමා අනපේක්ෂිත මොහොතක සාමාන්‍ය ජනතාව සමග සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් කතාබහ කිරීම වැඩි දෙනෙකුගේ අවධානයට යොමු වී තිබිණි.
මෙය අදහාගත නොහැකි ඇතැමෙක් “ඔබ සැබෑ ම බරැක් ඔබාමාදැයි” විමසා තිබේ.
මෙහිදී බරැක් ඔබාමා කුඩා දරුවන්ට තෑගි ද දීමට අමතක කළේ නැත.