අන්තර්ජාලය හරහා අසභ්‍ය ජායාරූප හා වීඩියෝ හුවමාරු කළ පුද්ගලයින් 70 දෙනෙකු අමෙරිකානු බලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අමෙරිකානු ස්වදේශ ආරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් නිලධාරින්, යුදෙව් ධර්මාචාර්යවරුන් හා හෙද නිලධාරින් ද වන බව ය.
සති 5 ක් තිස්සේ කළ එම මෙහෙයුමේදි ලැප්ටොප්, ජංගම දුරකතන හා අනෙකුත් පරිගණක උපාංග 600 ට අධික ප්‍රමාණයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.