ජනප්‍රිය පුද්ගලයින් සම්බන්ධයෙන් සංවේදී පිළිවෙතක් අනුගමනය කරන ලෙස බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.
ඒ, Twitter වෙබ් අඩවිය හරහා ය.
මිනිත්තු කිහිපයක් තුළ ඇය Twitter වෙබ් අඩවිය ඔස්සේ පළ කළ tweets 15ක් මගින් ඇය ජනප්‍රිය පුද්ගලයෙකු වීමේ අවාසි පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කර තිබේ.
එය ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳව කරුණු විකෘති කර මහ ජනතාව අතරට ගෙන යන පුද්ගලයින්ට එල්ල කළ දරුණු ප්‍රහාරයක් බව විචාරකයෝ පෙන්වා දෙති.
ඇය එහිදී සඳහන් කර ඇත්තේ, ජනප්‍රිය පුද්ගලයින් සමාජය සමග ගනුදෙනු කිරීමේදී යම් සීමාවලට යටත් වන බව ය.





