-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ලෝකයම පුදුම කරපු “ඩිල්ස් කූප්” එක හඳුන්වා දුන් ඔහුට ලොව පුරා තරුණියන්ගේ ආකර්ෂණයෙන් ආදරයෙන් නම් කිසි අඩුවක් නැ. ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ ආදරය දිනා ගත්තේ නම් ජනප්‍රිය නිළි මංජුලා තිලිනි.කවුරුත් දන්නවනේ ඩිල්ශාන් ට මීට පෙරත් විවාහයක් තිබුනා කියලා. ඒකෙන් ඔහුට පුංචි පුතෙකුත් ඉන්නවා. ඒ වගේම කවුරුත් නොදන්නවා වුනාට මංජුලා විවාහ වෙන්න හිටියෙත් වෙනත් කෙනෙක් එක්ක. ඒ ගැන මංජුලා තිලිනි Gossip Lanka එක්ක කිව්වේ මේ විදිහට,

ඩිල්ශාන් වගේ ක්‍රීඩකයෙක් එක්ක විවාහ වෙන්න මගේ හිතේ කිසිම අදහසක් තිබුනේ නැ. අවංකවම කතා කලොත් ගෙදරින් කතා කරපු කෙනෙක් හිටියා මට විවාහ වෙන්න. ඒකට හැමදේම ලෑස්ති කරලා තිබුනේ. ඒත් ඩිල්ශාන් එකපාරටම කුණාටුවක් වගේ මගේ ගාවට ඇවිල්ල එකපාරටම හැමදේම උඩුයටිකුරු කළා. ඒක ලස්සන කතාවක්. හැබැයි ඒක එක්කෙනා හිතා ගෙන ඉන්නේ ඒක ඒක විදිහට. නමුත් ඒ එකක්වත් නෙමේ අපිට අද සිද්ද වෙලා තියෙන්නේ.අපේ කතාව ලස්සනට ඉදිරිපත් කරන්න දවසක් එනවා. අන්න එදා වෙනකම් තමා අපි දෙන්න ඉන්නේ. මං මෙච්චර කාලයක් රඟපාපු ටෙලිනාට්‍යය වල තියෙන සුන්දර චරිතයක්ම වෙලා ඉන්නවා මං අදටත්.

කවුරුත් නොදන්න ඩිල්ශාන් ගෙයි මංජුලා ගෙයි මේ කතාව කවදාහරි මුලින්ම කියන්නේ Gossip Lanka එක්ක කියලා දෙන්නම පොරොන්දු වුනා. ඉතින් ඒ වෙනකම් අපිට ටිකක් ඉවසන්න වෙනවා. මේ කතා බහ අතරේදී ටෙලිනාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි නිෂ්පාදනය කරන්න අදහසක් නැද්ද කියල අපි අහපු වෙලාවේ මංජුලා කිව්වේ හිමිහිට ලොකු වැඩක් කරන්නයි හිතාගෙන ඉන්නේ කියලා. සමහරවිට දෙන්නත් එක්ක හිතා ගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ ආදර කතාව තිරය ඉදිරියට ගේන්නද දන්නේ නැ. මංජුලාට වගේම ඩිල්ශාන් ටත් මේ දවස් වල රඟපාන්නත් ආරාධනා ලැබෙන නිසා මේ  ආදර කතාවේ ඒ දෙන්නම රඟපෑවොත් හොඳයි කියලයි අපිට නම් හිතෙන්නේ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos