-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කැලණි ගඟේ අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහළින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය නිසාවෙන්  දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතින අතර ලක්ෂපාන දිය ඇල්ල විනාශ වීමට මෙම විදුලි බලාගාරය හේතු වී ඇත.

මෙයට සති කිහිපයකට පෙර අප විසින් පෙන්වා දුන්නේ ලක්ෂපාන දිය ඇල්ලට මීටර් 200 ඉහළින් ඉදිකරන මෙම විදුලි බලාගාරය නිසා දිය ඇල්ලට හානි සිදු විය හැකි බවයි. එය පසක් කරමින් දිය ඇල්ලට උඩින් කරන පිපිරීම් නිසා  දිය ඇල්ල දෙපස ඉවුරු හා  මස්කෙළි ඹයේ ඉවුරු කඩා වැටීමට පටන් ගෙන ඇති අතර විදුලි බලාගාරයේ ඉදිකිරීම් නිසා දිය ඇල්ලේ ගල් ගැලවී වැටීමට ආසන්නව ඇත.තවදුරටත් මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවුවහොත් දියඇල්ලේ හැඩය පවා වෙනස් විය හැකිය.

දැනටමත් පිපිරීමිම් සිදු ව ඇති ලක්ෂපාන දිය ඇල්ලේ සිදුකරන විදුලි බලාගාරයේ ඉදිකිරීම් නිසා ප‍්‍රදේශය පුරා දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතින අතර එය ලක්ෂපාන දිය ඇල්ලේ සොදුරු දසුන් විනාශ කරන සංවර්ධන කටයුත්තක ලෙස පෙන්වාදිය හැකිය.



වර්තමානයේ ලක්ෂපාන දිය ඇල්ලේ සියයට  අසුවකට වැඩි ප‍්‍රමාණයක් ගල් පැලී එල්ලී ඇත. බලාගාරය ඉදිකිරීමේ අවෂ්‍යතාවයට කරන පිපිරවීම් නිසා අස්ථාවර කොලූවියල් පස්වල ගල් කුට්ටි ඇඳ හැලීමට ඉඩ ඇති බැවින්’’  මෙම ඉදිකිරීම් වහා නැවැත්වීමට වග කිවයුතු බලධාරීන් දැන්වත් කටයුතු කළ යුතුය.

එමෙන්ම දැනට මස්කෙළි ඔය තුළ මිටර් 500 වැඩි දිග ප්‍රමාණයක් සහිතව ඉදිකෙරෙන කොන්ක‍්‍රීටී ඇළ නිසා මස්කෙළි ඹයේ මිරිදිය මත්ස්‍යන්ගේ  බොවන් ස්ථාන රාශියක් විනාශ වී ගොස් ඇති අතර මෙය සමස්ථ සප්ත්‍යකන්‍යා කඳු පංතියේ ජෛව විවිධත්වයට බරපතළ හානියක් බවට පත්වී ඇත.


මස්කෙළි ඹය හරහා දැනට ඉදිකෙරෙමින් පවතින අරමුණින් ජලය අලුතින් ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් ඇළ මාර්ගයට හැරවීමට  අවශ්‍ය සියලුම දේ මේවනවිට ඉදිකර අවසන් අතර  මේ නිසා ගඟ වියළීම හා වෙනස්විමක් සිදුවේ. මේ නිසාවෙන් ජලය ආශී‍්‍රතව ජීවත් වන සතුන්ට දැඩි බලපැමක් සිදුවන අතර හා ඇතැම් ජීවී විශේෂ වඳවි යාමටද හැකිය. 

 ජලය ගල් කටාරම් හා පොකුණු මත රැස්වීමෙන් හා ජලය ගලාගෙන යන වේගය අඩුවිම තුළින් ජලයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම හා ජලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඔවුන්ට අවශ්‍ය පාරිසරික සාධක නැතිවීම මෙයට හේතු වී ඇත.  ජලය ආශි‍්‍රත ජීවත් වන දිය බල්ලා, ඒක දේශික මත්ස්‍ය විශේෂ වන ගල් පාඩියා , දණ්ඩියා, මඩ කනයා, පුවක් බඩිල්ලා, ප‍්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වඳවී යාමේ අවදානමක් මේ නිසා හටගෙන ඇත.


එමෙන්ම ඔය තූළ  ඉදිකිරීම සඳහා යොදාගන්නා  අමු ද්‍රව්‍යය වශයෙන් භාවිතා වන සිමෙන්ති හා රසායනික පිපිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යය වැසි ජලය සමග මිශ‍්‍ර වී මස්කෙළි ජලයට මුසු වීමතුළ අමුණත් බලාගාරයත් අතර හා සම්පූර්ණ මස්කෙළි ඔයේම ජලජ ජීවීන් හා ශාක සම්පූර්ණයෙන්ම වශයෙන්ම වඳවී යාමට පටන්ගෙන ඇත.

මෙවන් දැවැන්ත පාරිසරික හානියක් සිදුකරමින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය මෙරටට පැමිණෙන සංචාරකයන්ගේද කනස්සලට හේතු වී ඇති අතර ලක්ෂපාන දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට දිය ඇල්ල වෙනුවට අනාගතයේදී දැකගත හැකි වන්නේ දිය ඇල්ල වනසා ඉදිකළ මෙම විදුලි බලාගාරයයි.



එම නිසා වසර තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ පරිසර අමාත්‍යංශය, භූ විද්‍යා හා පතල් කාර්යංශය, ප‍්‍රදේශයේ ප‍්‍රදේශීය ලේකම්වරුන්  අතුළු නිලධාරීන් හා  ආයතන 32 කට වැඩි ප‍්‍රමාණයක් මේ සම්බන්ධව දැනුවත් කළද ඔවුන් සියලු දෙනාම මේ සම්බන්ධව දක්වන්නේ නිහඬ පිළිවෙතකි. අප නැවතත් සියලූම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම දැවැන්ත විනාශය නැවැත්වීමට මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීම් නැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

රවින්ද්‍ර කාරියවසම්  
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos