-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



මාගන්දන ගම්මානයේ සිට බිබිල නගරයට මගීන් ප්‍රවාහනය කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක කොන්‍ෙදාස්තරවරයකු ඊයේ (2දා) ජංගම ටිකට් පරීක්‍ෂකවරුන් දැක ටිකට් පොතත් දමා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් බිමට පැන දුවගොස් ඇතැයි පොලිසිය පවසයි.

බිබිල ලංගම ඩිපෝවේ කොන්‍ෙදාස්තරවරයකු වන ඩී. එම්. ලලිත් කුමාර යන අය මෙසේ බිබිල නගරයේදී බසයෙන් පැන දිවගොස් තිබෙන බවට ඩිපෝවේ ජංගම ටිකට් පරීක්‍ෂකවරුන් පොලිසියට පැමිණිලි කර තිබේ.

මාගන්දන ගම්මානයේ සිට ඊයේ උදේ බිබිල නගරයට ධාවනය වෙමින් තිබූ බස් රථයක පැමිණි මගීන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ට ටිකට් පත් ලබා නොදීම නිසා බිබිල නගරයේදී ජංගම ටිකට් පරීක්‍ෂකරුවන් දැක බියට පත්වූ කොන්‍ෙදාස්තරවරයා මෙසේ බසයෙන් පැන දිව ගොස් ඇතැයි පොලිසිය කියයි.

බිබිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන බස්නායක මහතාගේ උපදෙස් පරිදි නිලධාරීහු කොන්‍ෙදාස්තරවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos