-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙරට  නව මාර්ග සිතියම නිර්මාණය කර අවසන් බව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි.
අතිරේක මැනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසුවේ, ලබන මාසයේ එය එළි දැක්වීමට නියමිත බව ය.
අලුතින් ඉද කළ මාර්ග මෙන් ම අධිවේගී මාර්ග ද නව සිතියමට ඇතුළත් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
උදයකාන්ත මහතා පැවසුවේ, නව සංවර්ධන කටයුතු සමග ඉදිකෙරුණු නව මාර්ග සියල්ල ම අදාළ සිතියමට අන්තර්ගත කර ඇති බව ය.
විශේෂයෙන් ම රථ වාහන ධාවනය කළ හැකි සියලු මාර්ග පිළිබඳ තොරතුරු ඒ අනුව සිතියම්ගත කර ඇති බව ය.
ඊට අමතරව කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය වැනි ප්‍රධාන නගරවල සියලු ම මාර්ග පිළිබඳ විස්තර සිතියමට අන්තර්ගත කිරීමට පියවරගෙන ඇති බව ද අතිරේක මැනුම්පතිවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, චන්ද්‍රිකා ඡායාරූප උපයෝගීකර ගනිමින් නව මාර්ග සිතියමට ඇතුළත් කිරීමට පියවරගත් බව ය.
අදාළ සිතියම එළිදැක්වීමෙන් පසු එය ඔනෑ ම අයෙකුට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලයකින් ලබා ගත හැකි බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos