රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ තිබී 2006 සිට 2010 වර්ෂය දක්වා මැතිවරණවලට අදාල ඡන්ද පත්‍රිකා තොගයක් හමුවී ඇතැයි වාර්තා වේ.
අද (21) දිනයේදී මුද්‍රණ සංස්ථාවේ සේවකයකුට මෙම ඡන්ද පත්‍රිකා හමුවීමෙන් පසු එය සංස්ථාවේ ආරක්ෂක අංශයට භාරදී ඇති අතර දැනට එම ඡන්ද පත්‍රිකා සීල් කර තබා ඇති බවද වාර්තා වේ.
මෙම ඡන්ද පත්‍රිකා තොගය විනාශ කිරීමේ අරමුණින් මෙසේ තබා ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙවැනි තත්වයක් ඇතිවිය නොහැකි බවත් සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ඕනෑම මැතිවරණයක් අවසන්වීමෙන් පසුව ඉතිරිවන ඡන්ද පත්‍රිකා වගකිව යුතු නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් පසුව විනාශ කර දමන බවද මුද්‍රණ සංස්ථා සේවකයින් පවසයි. මෙම තත්වය බලවත් සැකයකට තුඩුදෙන බවද ඔවුන් පවසයි.