-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විවාහයට තෙක් යෞවනත්වය රැකගත් තරුණියන් අපේ රටේ 96%ක් සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා පවසයි.

කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවති පොතක් එළි දැක්වීමේ උත්සවයක දී ඒ මහතා මෙසේද කීවේය.

‘එංගලන්තයේ තරුණියකට අවුරුදු දහ නවය වන විට ඒ තරුණිය අඩුම තරමින් තරුණයන් අට දෙනෙක් සමඟවත් එකට ගත කර තිබෙනවා. එසේ ගත කරන තරුණියන්ගෙන් සියයට 98 කගේ තාරුණ්‍යය විනාශ වී තිබෙනවා. තාරුණ්‍යය රැක ගත් යෞවනියන් සිටින්නේ සියයට 4 ක තරම් ප‍්‍රමාණයක්. ලංකාවේ ඒ තත්ත්වය උදා වී නෑ. අප රටේ යෞවනත්වය රැක ගත් තරුණියන් සියයට 96 ක් සිටිනවා.

ඒත් දැන් දැන් අපේ රටේ දරුවනුත් ඒ තත්ත්වයට යමින් ඉන්නවා. ඒ නිසයි අප රටේ ළමා මවුවරුන් සිටින්නේ. මේ තත්ත්වයට යොමු වන්නේ ළමයින් ටෙලි නාට්‍ය බලන නිසයි. ළමයින් ටෙලි නාට්‍ය බැලීම නිසා ඔවුන් 4 වැනි පන්තියේ සිට පෙම් හසුන් ලිවීමට පෙළඹී තිබෙනවා. ඒකට හේතුව ළමයා අසරණ වී සිටින නිසයි.

මේ තත්ත්වයට පිළියම් වශයෙන් ළමයා ශක්තිමත් කරන අභ්‍යාස පුහුණු කරන්න ඕනෑ. ඉගෙනුම කියන්නේ ඇතුළත නිධාන මතු කර ගැනීමයි. හිත වික්ෂිප්ත වී තිබෙනවා නම් ඉහළ අධ්‍යාපනයක් ලැබීම අපහසුයි. ළමයින්ට ප‍්‍රශ්ණ තියෙනවා. ළමයින් විශිෂ්ඨයන් කිරීමේ හැකියාව තියෙන්නේ දහම් පාසල් ගුරුවරුන්ටයි. කර්නල්වරුන්ට විදුහල්පති තනතුරු දෙන එක යහපත් දෙයන් නෙවෙයි’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos