-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගුවන් යානයේ රෝද අතර සැගවී ගුවන් ගමනක නිරතක වෙමින් ලොවක් මවිත කළ තරුණයා හවායි වලින්ද පැන ගොස් ඇති බව වාර්තා වෙයි.
ඔහු හවායි රැදවුම් භාරයේ රදවා සිටියදී පැනගොස් ඇති බව විදෙස් වාර්තා කියයි.හවායි මානව සේවා දෙපාර්ත මේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේමෙම තරුණයා තමන් පිළිබද අනන්‍යතාව හෙළිවෙතැයි බියෙන් පලා යන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවයි.
මේ  අතර බොහෝදුරට ඔහු කුමන හෝ ක්‍රමයකින් යළි ඇමරිකාවට යන්නට ඇති බව ද  හවායි  බලධාරිහු විශ්වාස කරති.

මෙම 15 වියැති සෝමාලියානු ජාතික තරුණයා පසුගිය අප්‍රේල් 20 වනදා  කැලිෆෝනියාවේ සිට හවායි බලා ගමන් ගනිමින් තිබු බෝයිං 767 යානයක රෝදයක් අතර සැගවී  හවායි වෙත පැමිණ තිබේ.

මොහු කැලිෆෝනියාවේ සැන් ජෝස්  ගුවන් තොටුපලින්  හවායි බලා ගමන්  ගන්නා යානයක රෝද කුටීරය සැගවී පැමීණ තිබේ.

රෝද කුටීරයේ පවතින අධික උෂ්ණත්වය මධ්‍යයේ මෙම තරුණයා  දිවි ගලවාගෙන පැමිණීම ද පුදුමයක් බව ට වාර්තා වු අතර පසුව මෙම තරුණයා රොහල් ගත කෙරිණ. ඉන් අනතුරුව  ඔහු රැදවුම් භාරයට පත් කෙරුණි.

මවගෙන් වෙන්ව පියා සමග  සැන්ටා ක්ලේරා හි ජීවත්වී ඇති මෙම දරුවා සෝමාලියාවේ සරණාගත කදවුරන වෙසෙන සිය මව සොයා  යාම සදහා මෙලෙස  ගුවන් යානයේ එල්ලුණ බව සදහන් කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos