-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අන්තර්ජාලය හරහා කෙරෙන ‘ඊ’ බැංකු ගනුදෙනු ක්‍රමයේදී පරෙස්සම් වන ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කොට තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ වර්තමාන විද්‍යුත් තැපෑලට බැංකු මඟින් එවන ආකාරයට කිසියම් වෙබ් අඩවියකින් ‘ලින්ක්’ (සබඳතාවන්) ලැබිය හැකි බවයි.

එය බැංකුවකින් ලැබෙන ආකාරයට ලැබුණද එහි වෙනසක් දක්නට ලැබෙන බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම අන්තර්ජාල සබඳතා විවෘත කළ විට බැංකුවක විදියට එම වෙබ් පිටුව විවෘත වන අතර එයට රැවටී එමඟින් ඉල්ලන ඔබගේ නම සහ රහස්‍ය අංකය ලබාදුනහොත් ඒවා වංචනික පුද්ගලයන් අතට පත්වන බව පොලිසිය පවසයි.

පුද්ගලයන් එමඟින් ඔබගේ නියම ගිණුමට පිවිසී මුදල් අදිනු ඇත. ඒ බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
අන්තර්ජාල හරහා බැංකු ගනුදෙනු කිරීමේදී පිටතින් එන විද්‍යුත් තැපැල් ලිපිනයන් සම්බන්ධ කරගැනීමෙන් වළකින ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
එමෙන්ම ඔබට විවිධ ලොතරැයි වාසනා ඇදී ඇති බව පවසමින් ජංගම දුරකතනවලට පණිවුඩ ලබාදෙන වංචනිකයන් එම මුදල් ලබාගැනීම සඳහා තවත් මුදලක් තැන්පත් කරන ලෙස  පවසා මජහනයා රවටන බවටද පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබේ.

ලොතරැයි මුදලක් ලැබී ඇති පුද්ගලයා එම මුදල ලබාගැනීමට තවත් මුදලක් තැන්පත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පොලිසිය පවසයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week