-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හෙද නිලධාරිනියන්ට සුතිකාගාර පුහුණුව ලබාදෙන ලෙස ඉල්ලමින් හෙද සංගම් ක‍්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය අද දිනයේද ක‍්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවසුවේ තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ක‍්‍රියාමාර්ගය අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි.

" හෙද සේවාවේ ජනවාරි 17 ආරම්භ කළ සූතිකා පුහුණුවට සහ මානසික හෙද පුහුණුවට වෛද්‍ය සංගමය දිගින් දිගටම බාධා කිරීම් නිසා වැඩවර්ජනයකට යන්න හෙද සංගම්වලට සිද්ධ වුණා. සෞඛ්‍ය බළධාරින් වෛද්‍ය සංගමයේ පදයට නටන නිසාත්, මේකට පැහැදිලවිසඳුමක් දෙන්න කොන්ද කෙලින් තියාගෙන තීරණ නොගන්න නිසාත් මේ වර්ජනය අඛණ්ඩව කරන්න වෙලා තියෙනවා. ඊයේ දවසේ අපි උදේ 7ට වර්ජනය ආරම්භ කළා. ඊයේ දිනයේ සාර්ථකයි. අදත් අපි වර්ජනය කරනවා. වෙන උත්තර නෑ. කාසල් වීදිය කාන්තා රෝහල, ද සොයිසා රෝහල, මහරගම පිලිකා රෝහල, රිජ්වේ රෝහල වැඩවර්ජනයට එක්වෙන්නේ නෑ. අත්‍යවශ්‍ය සේවා කරනවා. " 

කෙසේවෙතත් හදිසි අවශ්‍යතා සඳහා සේවා සැපයීමට හෙද නිලධාරීන් සුදානම් බවත් එම සේවාවන් ලබාගැනීම රෝහල් අධ්‍යක්‍ෂවරුන් ප‍්‍රතික්ෂේප කර ඇති බවත් සමන් රත්නප‍්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

" සමහර අවස්ථාවල රෝහල්වල අධ්‍යක්ෂවරු හදිසි අවස්ථාවලට නිළධාරින් කැඳවන්නේ නෑ. අපි ලෑස්තිපිට ඉන්නේ රෝහලේ ඇතුලේ නේවාසිකාගාරවල, වාට්ටුවල හදිසි ප‍්‍රතිකාර දෙන්න. සමහර අධ්‍යක්ෂවරු ප‍්‍රශ්න ඇති කිරීමේ මුවාවෙන් හෙද නිළධාරින් සේවයට කැදවන්නේ නැතුව ඉන්නවා. මේ වැඩේ කරන්න බැරි වෛද්‍යවරුයි වෙන අයයි ගොනු කරගෙන මේ වැඩේ කරන්න හදනවා. ප‍්‍රශ්න හදන්නේ සමහර වෛද්‍යවරු, රෝහල් පාලකයෝ. "

මේ අතර සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදූරදර්ශි වෘත්තිය සමිති ගැටුම් සංගමයක් ලෙස තමන් දැඩිව හෙලා දකින බවයි.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සේවක සමඟිය බිඳ වැටීම කිසිඳු අයුරකින් සිදු නොවිය යුත්තක් බවද එම නිවේදනයේ දැක්වෙනවා.

එම සංගමයේ ප‍්‍රධාන ලේකම් කුසුමා ඩයස් මහත්මිය ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වුවා. 

" දෙපක්ෂයටම සාධාරණ විදිහට තීරණ ගන්න ඕනි අමාත්‍යංශයේ බළධාරින්. එයාලා මේ ගෝත‍්‍රික ගැටුමක් විදිහට මේ වෘත්තිය දෙකක් තුනක් අතර සටනක් ඇති කරලා කාලකණ්ණි සතුටක් ලබනවා වෙන්න ඇති. නමුත්, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරින්ට ගැටළුවක් තියෙනවා, සේවා කිරීමේදී පුහුණුවේ අඩුකමක්. 2000 වර්ෂයේ ඉදලා පෙන්නලා දෙනවා එකම වෘත්තියේ දෙදෙනෙක් යෙදවීම නිසා මේ ගැටළුව වෙන දෙයක්. මේකට විකල්පයක් විදිහට පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ටත් හෙද පුහුණුව දෙන්න. නැත්නම් සේවා දෙක අන්තර්ග‍්‍රහණය කරන්න. "

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos