-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහියංගන සමුපකාර ඉන්ධන පිරවුම් හලේදි ඩීසල් පිරවීමට පැමිණි වාහහන දෙකක් පිටුපසට ගැනිමේදී ඊට මැදිවී වයස 22ක තරුණයකු ඊයේ (21) උදැසන ජිවිතක්ෂයට පත් වී ඇත.
ඉන්ධන පිරවුම් හලේ තෙල් ලබා ගැනිමට පැමිණි ලොරි රථයක් හා බස් රථයක් පසු පසට ගැනීමේදී, බස් රථයේ පැමිණි තරුණයකු බස් රථය පසුපසට ගැනිම සඳහා මග පෙන්වා දීමට ඉදිරිපත් වි ඇත. මේ බසය පිටු පසට ගැනිමේදි ඒ අසල නවතා තිබු ටිපර් රථයක් ද පසුපසට ගැනිම හේතුවෙන් වාහන දෙක එකිනෙක ගැටි ඇති අතර ඊට මැදිවි අවාසනාවන්ත ලෙස එම තරුණයා මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස 22 ක් වන ජයසිංහ පට බැදිගේ කසුන් මනෝජ් ප්‍රියංකර, 114/3, දික් ඇන්දයාය, ඌව තිස්සපුර, රිදිමාලියද්ද යන ලිපිනයේ පදිංචි තරුණයෙකි.
අනතුරට පත් තරුණයා මහියංගන මුලික රෝහලට රැගෙන ගිය අතර ඒ වන විටත් තරුණයා මියගොස් සිට ඇත. සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ. ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිසියේ ස්ථානාධිපති එස්.බී. වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති කුමාර මහාතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරින් විසින් සිදු කරමින් සිටි.සිද්ධියට සම්බන්ධ බස්රථය හා ලොරි රථය සහ එහි රියදුරන් දෙදෙනා මහිංයගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අති අතර මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

එච් එම් ආර් කරුණාවීර

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos