-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දෙරණ රූපවාහිනී නාළිකාවේ නිවේදකයකු වන උදේට දෙරණ අරුණ වැඩසටහන ඉදිරිපත් කරන චතුර අල්විස් නමැත්තා මෙරට ක්‍රියාත්මක වෙබ් මාෆියාවේ අලුත්ම කප්පම්කරුවා දැයි ප්‍රබල සැකයක් මතුවී තිබේ.


මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට, දේශපාලනඥයන්ට, මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින්, ඔවුන්ව බිය වද්දමින්, ඔවුන්ගෙන් කප්පම් එකතු කර ගැනීමට මේ වෙබ් මාෆියාවේ නියෝජිතයන් පසුගිය කාලයේදී දැරූ උත්සාහයන් පිළිබඳ තොරතුරු අපි "මව්බිම" පුවත්පත මඟින් හෙළිදරව් කළෙමු.

එසේම රටෙන් පැන ගොස් පිටරටවලට වී සිටිමින් මේ වෙබ් මාෆියාව මෙහෙයවන ගෝඩ් ෆාදර්ලා ගැන මෙන්ම ඔවුන්ගේ දේශීය නියෝජිතයන් ලෙස ක්‍රියා කරන මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා ඇතැම් පුද්ගලයන් ගැනද පසුගිය කාලයේදී අපි ජනතාවට කරුණු අනාවරණය කළෙමු.

පසුගිය කාලයේදී ප්‍රකට මාධ්‍ය ආයතනයක හිමිකරුවකු පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති තම වෙබ් අඩවිවල පළ කරමින් මේ වෙබ් මාෆියාකරුවන් ඔහුට තර්ජනය කරමින් කියා තිබුණේ කෝටි ගණනක මුදලක් ලන්ඩන් නුවර තම ගිණුමට බැර කරන ලෙසය. එසේ නොකළොත් තම වෙබ් අඩවි හරහා දිගටම පහර දෙන බවට මේ වෙබ් මාෆියාකරුවන් ඒ මාධ්‍ය හිමිකරුවාව බිය වද්දා තිබිණි. එසේම විපක්‍ෂයේ ප්‍රබල නායකයකුගේ බිරියක පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ මේ වෙබ් මාෆියාකරුවන් පසුව ඇයට කතා කර කෝටි ගණනක මුදලක් ලන්ඩන් නුවර තම ගිණුමට බැර කරන ලෙසට තර්ජනය කර තිබිණි. එසේ නොකළොත් තවදුරටත් පහරදෙන බවට මේ වෙබ් මාෆියාකරුවන්ගෙන් දේශපාලනඥයාගේ බිරියට තර්ජනාත්මක දුරකතනන ඇමැතුම් ලැබී තිබිණි.

"මව්බිම" පුවත්පත විසින් වෙබ් මාෆියාකරුවන්ගේ මේ කප්පම් සිද්ධි පිළිබඳ තොරතුරු හෙළිදරව් කරනු ලැබීම නිසා මේ වෙබ් මාෆියාකරුවෝ තමන්ගේ වෙබ් අඩවි හරහා "මව්බිම" පුවත්පත හා එහි කර්තෘවරුන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මේ දිනවල පළ කරමින් සිටිති. මේ වෙබ් මාෆියාකරුවන්ගේ නිරුවත ජනතාවට නොබියව හෙළිදරව් කිරීම නිසා මොවුන්ගේ ප්‍රධානම සතුරා බවට පත්වී තිබෙන්නේ "මව්බිම" පුවත්පත හා එහි කර්තෘවරුන්ය.

එනිසා "මව්බිම" පුවත්පත හා එහි කර්තෘවරුන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති පළකරමින් ඒවා දෙරණ නාළිකාව ඔස්සේ ප්‍රචාරය කරවා ගැනීමේ මෙහෙයුමක් මේ වෙබ් මාෆියාකරුවන් අරඹා තිබේ. ඒ සඳහා ඔවුන් දෙරණේ තම නියෝජිතයා ලෙස තෝරාගෙන ඇත්තේ මේ චතුර අල්විස් නමැත්තා බවට ප්‍රබල සැකයක් මේ වන විට ඇති වී තිබේ. මේ මඩ වෙබ් අඩවිවල පළවන අසත්‍ය ප්‍රවෘත්ති ජනතාව නොබලන නිසා වෙබ් මාෆියාකාරුවෝ ඒ ප්‍රවෘත්ති රූපවාහිනි නාළිකා ඔස්සේ කියවා ගැනීමට ප්‍රබල උත්සාහයක් දරති. ඒ සඳහා සහයෝගය දෙන රූපවාහිනී ආයතනවල මාධ්‍යවේදීන්ට තමන්ට ලැබෙන කප්පම් මුදල්වලින් කොටසක් මෙන්ම වෙනත් ලාභ ප්‍රයෝජන රැසක් ලබාදීමට මේ වෙබ් මාෆියාකරුවන් කටයුතු කරන බව නොරහසකි.

වෙනත් රූපවාහිනි නාළිකා මේ වෙබ් මාෆියාවේ කප්පම්කරුවන්ගේ පදයට නටන්නේ නැති පසුබිමක් තුළ දෙරණ නාළිකාවේ චතුර අල්විස් නමැත්තා දෙරණ නාළිකාව වෙබ් මාෆියාකරුවන්ට උකසට තබා ඔවුන්ගෙන් මුදල් හා වෙනත් ලාභ ප්‍රයෝජන ලබන්නේද යන ප්‍රබල සැකය මේ වන විට මතුවී තිබේ. "මව්බිම" පුවත්පත මේ සම්බන්ධයෙන් මේ දිනවල තොරතුරු අධ්‍යයනය කරමින් සිටින අතර, ඉදිරියේදී ඒ සියල්ල ජනතාවට අනාවරණය කරන බවද දන්වා සිටිමු.
රණවිරුවන්ට අපහාස වන ප්‍රවෘත්ති පළ කිරීමට වැඩි ඉඩක් ලබාදෙන මේ වෙබ් අඩවිවලට ඒ සඳහා දෙමළ ඩයස්පෝරාවෙන් විශාල මුදලක් ලැබෙන බව බුද්ධි අංශ විසින් මේ වන විට අනාවරණය කරගනු ලැබ තිබේ. කොටි ත්‍රස්තවාදීන්ගේ බළල් අත් ලෙස ක්‍රියා කරන මේ වෙබ් අඩවි දෙරණ නාළිකාව හරහා ජනප්‍රිය කිරීමට දෙරණේ චතුර අල්විස් නමැත්තා දරන උත්සාහය මේ වන විට බලවත් සැකයකට තුඩුදී තිබේ. දේශීයකත්වය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙරණ නාළිකාවේ චතුර අල්විස් නමැත්තා කොටි ඩයස්පෝරාවෙන් මුදල් ලබන වෙබ් මාෆියාකරුවන්ගේ සුරතලකු බවට පත්වීමට හේතුව විශාල මුදල් කුට්ටියක්ද යන්න ගැන ප්‍රබල සැකයක් මේ වන විට හටගෙන ඇත.

කෙසේ වුවත් මේ වෙබ් මාෆියාකරුවන් දෙරණ නාළිකාව පාවිච්චි කර "මව්බිම"ට හා එහි කර්තෘවරුන්ට කුමන මඩ ප්‍රහාර එල්ල කළත් ඒවාට බිය නොවී ඔවුන්ගේ කප්පම් ගැනීමේ සිද්ධි ඉදිරියටත් හෙළිදරව් කරන බවද අපි අවධාරණය කරමු. එසේම මේ වෙබ් මාෆියාකරුවන්ට ආරක්‍ෂක හමුදාවලට අපහාස කිරීම සඳහා දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබාගත් ආකාරය හා ඒ මුදල් ලන්ඩනයේ බැංකු ගිණුම්වල තැන්පත් කෙරෙැණු ආකාරය ඉදිරියේදී "මව්බිම" පුවත්පත ජනතාවට හෙළිදරව් කිරීමට සූදානමින් සිටියි.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ මේ වෙබ් මාෆියාව දෙරණ නාළිකාවේ චතුර අල්විස් නමැත්තා හරහා "මව්බිම"ට ප්‍රහාර එල්ල කරවන්නේ ලන්ඩන් නුවර වාසය කරමින් ලංකාවේ ගණිකා මඩම් පවත්වාගෙන යන මේ වෙබ් මාෆියාවේ ප්‍රබලයකු පිළිබඳව "මව්බිම" පුවත්පත කරුණු එක්රැස් කරමින් සිටින අතරතුරදී වීමය. ලන්ඩන් නුවර වෙසෙන මේ වෙබ් ප්‍රබලයා ලංකාවේ ගණිකා මඩම් පවත්වාගෙන යන්නේ තමන්ගේ මෑණියන් සහ සහෝදරියන් ලවාය. තායිලන්තයෙන් මෙරටට ගණිකාවන් ගෙන්වීමේ ව්‍යාපාරයේ ඉහළින්ම සිටන කෙනකු ලෙසද මේ ලන්ඩන් වෙබ් මාෆියාකරුවා ප්‍රසිද්ධියට පත්වී ඇත. ගණිකා මඩම් සම්බන්ධ සිද්ධියක් නිසා ව්‍යාපාරිකයකුගේ බිරියක විසින් මොහුගේ සහෝදරියක මරා දමනු ලැබ තිබේ.

ඒ සම්බන්ධ සියලු තොරතුරු "මව්බිම" සතුව පවතින අතර, අපි ඉදිරියේදී ඒවාද ඡායාරූප සහිතව ජනතාවට හෙළිදරව් කරන්නෙමු. 

Source: Mawbima newspaper

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos