82 හැවිරිදි සැමියෙක් 72 හැවිරිදි සිය බිරිඳ එකම දිනකදී අසනීප වී රෝහල් ගත කල පසු එකම දවසේ මිය ගොස් ඇතැයි ඇල්පිටිය රෝහලෙන් වාර්තා වෙයි.
බලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ගොඩ වතුරවෙල පදිංචි හේනබඩල්ගේ මූණිස් (82) සහ අන්තෝනි වෙරළගේ රොස්ලින් (72) නමැති වැඩිහිටි අඹු සැමි යුවළක් මෙසේ මිය ගොස් තිබේ.
පසුගිය 04 වැනි දා මවට අසනීප වීම නිසා දරුවන් විසින් ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කොට තිබූ අතර එදිනම පියාටද අසනීප වූ බැවින් ඔහුද රෝහල්ගත කර ඇත.
ප‍්‍රතිකාර සඳහා වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසුව බිරිය මිය ගිය පුවත ඔහුට සැල කොට මොහොතකින් ස්වාමි පුරුෂයාද මිය ගොස් තිබේ.