-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හලාවත පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් 2014 ජනවාරි මාසයේ 01දා සිට අප්‍රේල් මස 30දා දක්වා වූ මාස 4ක කාලය තුළ පමණක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවි කිරීම සහ ප්‍රවාහනය, ගංජා, නීති විරෝධී හෙරොයින්, වැලි සහ මැටි ප්‍රවාහනය හා ගොඩදැමීම්, බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු මුදලට විකිණීම ඇතුළු වෙනත් වැරැදි සම්බන්ධයෙන් නඩු 688ක් පවරා රුපියල් හත්කෝටි දස ලක්‍ෂ දෙදහස් හයසියයක් (7,102,600) දඩ මුදලක් රජයට අයකර දීමට සමත්වී තිබේ.
විවිධ වැටලීම්වලින් ජනවාරි මාසයේ නඩු 167ක්, පෙබරවාරි මාසයේ නඩු 143ක්, මාර්තු මාසයේ නඩු 161ක්, අප්‍රේල් මාසයේ නඩු 148ක් සහ වෙනත් නඩු 69ක් සැකකරුවන් 665කට විරුද්ධව හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා මෙම දඩ මුදල රජයට අයකර දීමට කටයුතු කර ඇත.

හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාලිය ද සිල්වා මහතාගේ උපදෙස් මත හලාවත පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කුලතුංග මහතාගේ මෙහෙයවීම මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන්සිරි, පොලිස් සැරයන්වරුන් වන පුෂ්පකුමාර (31617), සිරිසේන (24790), පියතිලක (45849), පොලිස් කොස්තාපල්වරුන් වන දිසානායක (36824), ගාමිණී (38096), ලෙස්ලි (49151), රාජපක්‍ෂ (61160), කාන්තා පොලිස් කොස්තාපල් ප්‍රදීපා (9359) යන නිලධාරීන් මේ වැටලීම් සිදුකර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos