ගෘහ සේවය සඳහා විදෙස් ගත වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 300කට වැඩි පිරිසක් පසුගිය වසර තුළ ගැබිණියන් ලෙස මෙරටට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය ප්‍රකාශ කරනවා.
සාමාන්‍යයෙන් ලංකාවේ ජීවන වියදම නිසාත් පවුල් බර අනුව ඉහළ වැටුපක් නැතිව ජීවත්වීමට ඇති ආර්ථීක අපහසුව නිසාත් විදේශගතවන මේ බොහෝ කාන්තාවන් විවාහකයින් වන අතර මේ ආකාරයට අවජාතක දරුවන් බිහිකිරීම නිසා සමාජ ප්‍රශ්න ගණනාවක් හටගෙන ඇති බවත් පවුල් සිඳී බිඳී ගොස් ඇති බවත් වාර්තා වනවා.