-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අද උදෑසන ඇල්පිටිය බස්නැවතුම්පොල පිටුපස ගොඩනැගිල්ලක් තුළ ඝාතනය කර තිබුණ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ඩිමාෂා ගයනකීගේ ඝාතනය තමන් විසින් කළ බවට ඇගේ පෙම්වතා පාපොච්චාරණය කර තිඛෙනවා.
ඝාතක පෙම්වතා යුද හමුදාවේ සේවය කරන කමාන්ඩෝ සෙබළෙකි.
වාර්තාවන ආකාරයට මෙම ඝාතනය සිදුව ඇත්තේ සැකයක් නිසා හටගත්
ආරවුලක් නිසාය.
ඇය සමග පෙම් සබඳතාවය පැවැත්වූ බව කියන මෙම ගමේ පෙම්වතාට ඇය කොළඹදී වෙනත් සම්බන්ධයක් ආරම්භ කර ඇති බවට ලැබුණ ආරංචියක් නිසා ඇතිවූ සැකයට ඔවුන් අතර ආරවුලක් හටගෙන තිබුණ අතර ඒ ගැන කථා කරන්නට යයි කියමින් අද උදෑසන කොළඹ යන්නට පෙර ඔහුව ඇල්පිටියේදී මුණගැසෙන්නට යයි පෙම්වතා දුරකථන ඇමතුමක් ලබාදී මින් පෙරදින දන්වා ඇත.
ඒ අනුව අද උදේ පාන්දර මේ දෙදෙනා ඇල්පිටියේදී හමුවී ඇත. බස් නැවතුම්පොළ අසළ පාළු ගොඩනැගිල්ල අසළට ගොස් දෙදෙනා ප්‍රශ්නය ගැන බහින්බස්වී ඇති අතර ඒ අවස්ථාවේ කමාන්ඩෝ සෙබළ පෙම්වතාට ඇතිවූ ක්ෂණික කෝපය මත ඔහු සිරුරේ ස`ගවා ගෙන පැමිණි උල් පිහියෙන් ඇයට ඇනගෙන ගිය බව කියැවුණා. 
සිද්ධිය නිසා ඇය එතැනම මිය ගිය අතර ඉර එළිය හරිහැටි නොවැටුණ පාන්දරවූ බැවින් මේ සිද්ධිය කිසිවෙකු දැක නැත. 
පෙම්වතිය මරාදැමූ සෙබළා වහා එතැනින් ඉවත්ව නගරය දෙසට පළාගොස් තිබුණා. සිද්ධිය අසළ ප්‍රදේශවාසීන්ට දැනගන්නට ලැබුණ පසු පොලිසිය පැමිණ මළසිරුර අසළ පරීක්ෂණ ඇරඹුවා. ඇය රැගෙන ගිය ගමන් මල්ල ද එහි ඇගේ අධ්‍යාපනික පොත් පත්ද තිබු බව පොලිසියට පෙනී ගිය අතර ඇයව මරාදමන්නට උවමනා කාටදැයි සොයායාමේදී පොලිසියට ඇගේ පෙම්වතා ගැන සැකයක් මතුවූ අතර පැයක් ගතවන්නට පෙර ඔහු ඇල්පිටිය නගරයේම සිටියදී අත්අඩංගුවට ගන්නට හැකිවී තිඛෙනවා.
සැකකරු සේවයෙන් නිවාඩුවට පැමිණ අවිත්තාව ගුලූගහ හන්දිය  ඕමන්ත ප්‍රදේශයේ පදිචිව සිටින බවත් පෙම්වතියගේ මරණය ගැන කිසිවක් නොදන්නා බවත් මුලදී කියා තිබුණා. 
කෙසේවෙතත් මිනීමැරුමෙන් පසු සැක කටයුතු ලෙස ඇල්පිටිය නගරයේ ගැවසුන සැකකරුගේ හැසිරීම් රටාව පිලිබදව විමිසිලිමත්වූ පොලිසියට ඔහු මිනීමැරුම සිදු කර ඇති බව ඉවෙන් මෙන් වැටහී තිබුණ අතර පොලිසියට රැගෙන ගොස් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී තම පෙම්වතිය මරාදැමූ බවට ඇත්ත පිළිගන්නට ඔහුට සිදුවුණා.
තරුණියගේ ගෙල උල් පිහියකින් ඇන ඝාතනය කළ බවත් ඔහු කියා තිබුණා.
ඝාතනයට ලක්වී ඇත්තේ නියාගම, තල්ගස්වල පදිංචි 22 හැවරිදි කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ 2 වන වසරේ සිසුවියකි. අද පාන්දර 3 ට පමණ නිවසින් පිටත්වූ ඩිමාෂා පෙම්වතා හමුවී විශ්වවිද්‍යාලයට යන්නට සිටි බව නිවැසියන් දැන නොසිටි අතර ඔවුන් අතර පැවති පෙම් පළහිලව්ව ගැනද ඔවුන් දැන සිට නැත.
තමා පෙම්වතිය මරාදැමූ බව පිළිගත් යුද හමුදාවේ කමාන්ඩෝ සෙබළ පෙම්වතා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
සිද්ධිය ගැන ඇල්පිටිය පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

මෙම සිද්ධිය පිලිඹඳ නවතම විස්තර සහ විශේෂ වාර්තාව පහලින්
Click Here

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos